ගෝඨාභය, දැන් හොඳටම ඇති.යන්න නිරයක් හොයාගන්න! (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් කරුණාකර ඉල්ලා අස්විය යුතු අතර ඔහු සාර්ථක වෙනතුරු ජනතාවට බලා සිටිය නොහැකි බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අවධාරණය කළාය.

ඒ, අද (24) මර්දනයට එරෙහි කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් ජනාධිපතිවරයා ලෙස මේ රට තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුතු නැති බවයි ඇය පෙන්වාදුන්නේ.

රටට ආදරය කරන නායකයෙක් බව දැන් හෝ ඔප්පු කළ යුතු බව අබේරත්න මහත්මිය අවධාරණය කළාය.

ජනතා පරමාධිපත්‍යයට කන්දීමට තරම් හෘද සාක්ෂියක් ඔහුට නැති බවයි ඇය පැවසුවේ.

”මිනිස්සු බඩගින්නේ මැරුණත් වෙඩි කාලා මැරුණත් ගානක් නැහැ. සොබා දහම හරිම දරුණුයි මහත්තයෝ. අනිවාර්යයෙන්ම මේ කරන දේවල්වලට රිටර්න් එක දෙනවමයි. මම කියන්නේ හොයා ගන්න යන්න නිරයක්.”

කෙසේවෙතත් අරගලය ජයග්‍රහණය කරන තෙක් එය නොනවතින බවද ඇය සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...