තවත් ව්‍යසනයක් ඇති වූ විට අපි කුමක් කරමුද ? – දෙවියන්වත් නොබලන ඇෆ්ඝනිස්ථානය

Date:

රිශ්ටමාපකාංග 5.9 ප්‍රබල භූ කම්පනය පසුගිය (22) වන දින නැගෙනහිර ඇෆ්ගනිස්ථානයම සොලවා දමන්නට විය. එයින් අහිමි වන ලද ජීවිත සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත. තුවාල ලැබූවන් 1500 ඉක්මවා ඇති අතර දිනෙන් දින එම සංඛාව වර්ධනය වේ.

ආර්ථික වශයෙන් රට දරුණු සාගතයකින් බැට කන අවධියක දුර්වල යටිතල පහසුකම් වලින් මිනිසුන් පීඩාවට පත් ප්‍රදේශයකට සිදු වූ මෙම භූමිකම්පාව පිළිබව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ කථිකාචාර්ය ඔබයිදුල්ලා බහීර් “තවත් ව්‍යසනයක් ඇති වූ විට අපි කුමක් කරමුද?” ලෙස CNN වෙත ප්‍රකාශ කර තිබුණේ.

භූමිකම්පාවට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැව, මඩ හා වෙනත් ද්‍රව්‍යවලින් ඉතා දුර්වල ලෙස සාදා තිබිණි. මේ හේතුව නිසාවෙන් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) පුද්ගලයින් 4,000 කගේ පමණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා මානුෂික ආධාර සාර්ථකව අදාල පවුල් වෙත ලබා දී ඇති බවයි.

ප්‍රමුඛ අවශ්‍යතා අතර හදිසි නවාතැන් සහ ආහාර නොවන ද්‍රව්‍ය, ආහාර ආධාර, සෞඛ්‍ය සහ ජලය සහ සනීපාරක්ෂාව මෙන්ම සනීපාරක්ෂක සහාය ඇතුළත් වේ.

භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් පක්ටිනා ප්‍රදේශයේ 14,000 පමණ දෙනා අවතැන්ව ඇති බවත්, ඔවුනට ආධාර ලබා දිය යුතු බවත් ලෝක ආහාර වැඩසටහන (WFP) තහවුරු කර ඇති බව පැවසේ. අධි ශක්ති බිස්කට් සහ ජංගම ගබඩා ඒකක ඇතුළු හදිසි සැපයුම් රැගෙන අවම වශයෙන් ට්‍රක් රථ 18 ක් භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට ගමන් කරමින් සිටී.

පවතින මෝසම් වර්ෂාව හා සුළං හේතුවෙන් හදිසි මෙහෙයුම් වලට විශාල බාධාවක් වී ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත් වූ විට ආධාර මත යැපෙන රටෙන් සංවිධාන ගණනාවක් ඉවත් වූ බැවින් උපකාර සීමිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • සශිකලා මධුෂාණී outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...