වාර්තා බිඳින්නා යළිත් ඉතිහාසය ලියයි! රොනාල්ඩෝ ලෝක කුසලාන හයකදීම ගෝල රැස් කළ පළමු පුද්ගලයා වෙයි! CR7 

සටහන – පුලී

ජූනි 23, LNW (කොළඹ): “වයස යනු ඉලක්කමක් පමණයි” යන වාක්‍යය නැවත වරක් ලොවට ඔප්පු කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ඉතිහාසයේ තවත් රන් අකුරින් ලියවෙන වාර්තාවක් පිහිටුවා ඇත.

2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ උස්බෙකිස්තානයට එරෙහි තරගයේ පස්වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කළ රොනාල්ඩෝ, ලෝක කුසලාන තරගාවලි හයකදීම ගෝල වාර්තා කළ ලොව පළමු පිරිමි ක්‍රීඩකයා බවට පත්විය.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ජොආං කන්සෙලෝගේ අලංකාර හරස් පන්දුව හමුවේ නිවැරදි ස්ථානයේ සිටි “CR7” පන්දුව දැල තුළට යවමින් ලොව පුරා මිලියන ගණනක් වූ රසිකයන් සතුටින් පිනා යාමට හේතු විය.

41 හැවිරිදි රොනාල්ඩෝ ගැන විවේචකයන් කොතරම් කතා කළත්, පිළිතුර දී ඇත්තේ ඔහුගේ පාදවලිනි. වසර ගණනාවක් පුරා වාර්තා පසුපස හඹා නොගිය ඔහු, වාර්තා ඔහු පසුපස හඹා එන තත්ත්වයකට පත්ව ඇත.

පෘතුගාලය වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙන්ම වැඩිම ජාත්‍යන්තර ගෝල ලාභියා වන රොනාල්ඩෝ, මෙම ගෝලයත් සමඟ සිය ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 144 දක්වා ඉහළ නංවා ගත්තේය.

පාපන්දු ලෝකය වෙනස් වුවත්, පරම්පරා මාරු වුවත්, එක් නාමයක් තවමත් ඉතිහාසය ලියමින් සිටී…

Cristiano Ronaldo. The Record Breaker. The Legend.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...