අල්ලස් ගනිද්දී අහුවුණු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ජුලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) නියම කළේය.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගත් සැකකරු ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ උදය කුමාර නම් මෙම පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගත්තේ වාහන මිලදී ගැනීම සහ විකිණීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් බවත් නීති විරෝධී ලෙස එකළස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමකින් තොරව එම සිද්ධිය සිවිල් නඩුවක් බවට පත් කොට අවසන් කිරීම සඳහා මෙම සැකකරු පැමිණිකරුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ඉල්ලා තිබූ බවත් ය.

පසුව ඔහු ලක්ෂ 10ක මුදලකට එකඟවී ඇති අතර එයින් රුපියල් ලක්ෂයක මුදලක් මුලින් ලබාගෙන ඉතිරි ලක්ෂ 9 ක මුදල ජුනි 22 දින රාත්‍රියේ කළුතර හෝටලයක් තුළදී ලබාගනිද්දී ඔහුව මෙසේ අත් අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේය.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතීඥයකු පෙනී නොසිටි අතර ඔහු විත්ති කූඩුවෙහි සිට පැවසුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියන ආකාරයෙන් තමන් මුදල් ලබාගත්තේ නැති බවයි.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...