සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 මැයි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 5.4% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 අප්රේල් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ 4.7%ක් වශයෙනි.
අප්රේල් මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, අප්රේල් මාසයේ දී වාර්තා වූ 7.8% සිට මැයි මාසයේ දී 8.6%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය මැයි මාසයේ දී ඉහළ යාමට විශාල වශයෙන් බලපා ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වන්නේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය අප්රේල් මාසයේදී 5% මට්ටම ඉක්මවා ගොස් තිබිණි.


