ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යාතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම අද (24) සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී ඊට අදාළ තීන්දුව ලැබෙනු ඇති.

පසුගිය 18 වැනි දිනද එය සලකා බැලූ අතර වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අද දිනට කල් තැබීය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදුකෙරෙන විමර්ශනයන්ට යටත්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වා ලන ලෙසයි හිටපු ජනාධිපතිවරයා එම පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනම් කර අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...