ඩෙංගු අධි අවදානම් පළාත් 06 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්!

කොළඹ LNW:ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින පළාත් 06ක අද (24) සිට (26) වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ (23) දිනය තුළ පමණක් රෝගීන් 750ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් ඇති ඇත.

මේ අතර සමස්ත රෝගීන්ගෙන් 52.12%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී අතර, දකුණු පළාතේ 16.04%ක් සහ සබරගමුව පළාතෙන් 9.15%ක් රෝගීන් වාර්තා වී තිබේ.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූනි මාසය තුළ වන අතර එම ප්‍රමාණය රෝගීන් 14,446ක් ලෙස දැක්වෙයි.

ඩෙංගු වසංගතය සමඟ චිකුන්ගුන්යා රෝගයද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර මේ වනවිට රෝහල් ධාරිතාවය උපරිමයට පැමිණ ඇති බව සඳහන්.

මෙම තත්ත්වය මත මහජනතාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...