ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු උණ රෝගය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමත්, පරිසරය පවිත්ර කිරීමත් වෙනුවෙන් රජය මගින් මේ වන විට ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්රියාත්මක කර තිබේ.
ඊට සමගාමීව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශය යටතේ ක්රියාත්මක ග්රාමීය සංවර්ධන කාර්යාංශය මගින් විශේෂ ව්යාපෘතියක් ආරම්භ කර තිබෙන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීමේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ පැවසුවේය.
ඒ අනුව, දිළිඳුකම තුරන් කිරීමේ “ප්රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්රාම නිලධාරී වසම් 14,022 ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමටත් පරිසරය පවිත්ර කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් සැලසුම් කර ඇත.
මේ යටතේ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශය පිහිටි බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (24) දින පෙරවරුවේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් සහ අමාත්යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
එහිදී බත්තරමුල්ල මහජන සෞඛ්ය පරීක්ෂක අමිත් කුමාර මහතා විසින් අමාත්යාංශ නිලධාරීන් ඩෙංගු රෝගය හා මදුරුවන් බෝවීම පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.


