ලිබියාවේ රඳවා සිටි ගාසා සහන ක්‍රියාකාරීන් නිදහස් කෙරේ…

රෂිකා හෙන්නායක ජුනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යාමට උත්සාහ කිරීමේදී ලිබියාවේ රඳවා තබා ගත් ක්‍රියාකාරීන් සිව්දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉතාලිය, උරුගුවේ සහ ටියුනීසියාව යන රටවලට අයත් මෙම පිරිස මාසයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවූ අතර තවත් හය දෙනෙකු ඉදිරි පැය කිහිපය තුළ නිදහස් කිරීමට නියමිතව ඇත.

නැගෙනහිර ලිබියාව පාලනය කරන සන්නද්ධ කණ්ඩායම් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ගොඩබිම් මාර්ගයෙන් ගාසා තීරය වෙත යාමට අවසර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියදීය.

මෙම ක්‍රියාකාරීන් තම රඳවා තබා ගැනීමට එරෙහිව මාරාන්තික උපවාසයක නිරත වූ අතර, ඔවුන්ට එරෙහිව අනවසරයෙන් රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

ගාසා තීරයේ ඊශ්‍රායල අවහිර කිරීම් බිඳ දැමීම සඳහා උත්සාහ කළ ගෝලීය සුමුද් නෞකා කණ්ඩායමට මොවුන් අයත් වේ.

ඉතාලි බලධාරීන්ගේ මැදිහත්වීම මත නිදහස් වූ පිරිස නැවත තම මව් රටවල් බලා පිටත්ව ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...