ෆෙන්ටැනයිල් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය චීන සමාගම් හතරකට නඩු පවරයි

Date:

වහා ඇබ්බැහිවන සුළු වේදනා නාශකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ෆෙන්ටැනයිල් නම් අමුද්‍රව්‍ය එක්සත් ජනපදයට සහ මෙක්සිකෝවට ගෙන ඒම සම්බන්ධයෙන් චීනය පදනම් කරගත් සමාගම් හතරකට සහ සේවකයින් සහ විධායකයින් අට දෙනෙකුට එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

මෙහිදී නඩු පවරන්නන් චෝදනා කරනු ලැබුවේ චීන සමාගම් ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම්වල ෆෙන්ටැනයිල් අලෙවි කළ බවත්, පසුව ඔවුන් ඒවා මෙක්සිකෝවේ වෙනත් අපරාධ කණ්ඩායම්වලට විකුණා ඇති බවත්ය.

චීන තානාපති කාර්යාල විසින් මෙම චෝදනාවන් තරයේ ප්‍රතික්ෂප කර ඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ දේශීය මත්ද්‍රව්‍ය අර්බුදය වෙනුවෙන් චීනය බිල්ලට ගැනීමට එක්සත් ජනපදය සූදානම්ව සිටින බවත්, මෙම සිදුවීම එක්සත් ජනපද පාර්ශවය විසින් හොඳින් සැලසුම් කරන ලද උගුලක් වන අතර, එය අදාළ ව්‍යවසායකයන්ගේ සහ පුද්ගලයන්ගේ නීත්‍යානුකූල අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්ය.

ෆෙන්ටැනයිල් භාවිතය හේතුවෙන් 1999 සහ 2020 අතර කාලය තුළ පුද්ගලයන් 564,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර එක්සත් ජනපදයට මෙය බලවත් ගැටලුවක් බවට පත්ව ඇත.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...