*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

Short time අර්ජුන vs long time අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්නට, සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රිඩා කරන්නට තීරණය කිරීම ගැටළුවක්ය.එය පීඩනයක්ය.එම පීඩනය පරදා ශ්‍රී ලංකාව ජය ගැනීම වැදගත්ය.නමුත් ඉතිරි තරග දෙක පහසු නැත.පරාජය වී කීර්තිය නැවත උපයා ගන්නට බලා සිටින අයර්ලන්තය මෙන්ම මේ වන විට අපූරු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින ස්කොට්ලන්තය ඊ ළඟ පියවරේ ප්‍රතිවාදියෝය.පහසු නැත.නමුත් මේ වන විට හොඳටම පන්දු යවමින් සිටින කණ්ඩායම ලෙස බැබලෙන ශ්‍රී ලංකාව ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන සෙසු කණ්ඩායම් පරාජය කරනු දැකීම ශ්‍රී ලංාවේම ප්‍රාර්ථනය විය යුතු වුවත්,ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතුව ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුවේ ඉන්න අර්ජුන රණතුංග සිටින්නේ ආශිර්වාද කරන මට්ටමේ නොවේය.දිනයිද බලමුකො යන අදහසේය.අමාත්‍යවරයාගේ ආශිර්වාදය පූර්ණ ලෙස ලබාගෙ මාධ්‍ය අමතා අර්ජුණ කරන කතාවේ දී ඒ කියන කතාවෙන් අමාත්‍යවරයාගේ අදහස ද පිළිඹිඹු වන්නේය.

ලංකාව දිනන එක නෙමෙයි වැදගත් අපිට අවශ්‍යය විදිහට රටේ ක්‍රීඩාව තියෙන එක. වැනි අදහසක් මේ පාලකයන්ගෙන් පළවෙමින් තිබීම සහ ඔවුන් යටතේ ක්‍රීඩාවේ අවසාන තීරණය රැදී තිබීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් නිසා මේ සටහන තබන්නට තීරණය කළෙමු.
වර්ථමානයේ ඇති වී තිබෙන මේ තත්ත්වයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් බලා ඉද්දී කඩා වැටුණේ 1996 සිට 1999 දක්වා වන කාලය ඇතුළෙය.1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගැනීම ගැන බොහෝ අය කතා කරති.එය නියෝජනය කරන්නට වීරයෝ ද සිටිති.සමහර වීරයන්ගේ නම් 96 දී ලෝක කුසලානය දිනා ගත් වහාම ඊට අදාළ ඉතිහාස පොතෙන් මකා දමන්නට ක්‍රියා කළෝ ද වෙති.ඒ උත්සාහයන් අතර එවකට ක්‍රිකට් සභාපති වූ ආනා පුංචිහේවා ද,පුහුණුකරු ඩේව් වට්මෝර් ද වන්නාහ.එසේම එම කණ්ඩායමේ කළමණාකාරු වූ දුලිප් මෙණ්ඩිස් ගැන ද කවුරුත් කතා නොකළ තරම්ය.

ඉන් අනතුරුව ඒ ජයග්‍රහණයේ හිමිකරුවා බවට පත් වූ සියලු ගෞරව සහිතව එය සැළසුම් කළ පුද්ගලයා බවට පත් වූ අර්ජුන රණතුංගගේ නායකත්වය ඇතුවම 1999 ලෝක කුසලානයට මුහුණ දෙන්නට යන විට 96 ආදරය කළ තරමටම ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනයට බඳුන්ව තිබිණ.එහි සත්‍ය තත්ත්වය ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව සනාත වූයේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාවට ගෙදර එන්න අවශ්‍යය කාරණා සැකසීමෙන්ය.
ශ්‍රී ලංකාව පරාජය වූ තරග වූයේ එංගලන්තයට එරෙහිව කඩුලු 8 න්,ඉන්දියාවට එරෙහිව ලකුණු 157 න් සහ දකුණු අප්‍රිකාව වෙතින් ලකුණු 89 න් ලෙස ය.ඒවා සුළු පරාජ නොවිණ.සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් තරග වැදි කාණ්ඩයේ කණ්ඩායම් හයක් අතරින් පස්වන තැන සිටි අතර ශ්‍රී ලංකාවට පරාජය වුව ද ඉහළ දස්කම් දක්වමින් සුපිරි හය වටයට එන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය.
මේ සම්බන්ධයෙන් ඉතිහාසය මතක් කරන විට තරගාවලිය නිමාවේ එංගලන්තයේ සිටම අර්ජුන රටේ ජනතාවද ආමන්ත්‍රණය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහස ඇතිව ඉදිරිපත් කළ ලිපිය බොහෝ දෙනෙකුට අමතකව ඇතැයි අපි සිතමු.

එහි ආමන්ත්‍රණය කර තිබුණේ මුළු මහත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලී ජනතාව වෙත යනුවෙන්ය.එහිදී අර්ජුන සැළසුම් අවුල් සහගත වූ බව පවසන්නේය.96 ලෝක කුසලාන රැස් වළල්ලෙන් (අදත් එසේමය) ජීවත් වූ අර්ජුන කණ්ඩායම තුළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ ඇති කර ගෙන සිටි අධිපතිවාදී හැසිරීම එයට හේතු වූ බව එවකට මාධ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රාවය පමණි.අර්ජුන ජනතාව ඇමතූ ලිපියට පිළිතුරු ලෙස රාවය ලියන ක්‍රිකට් අර්ජුන vs රාවය (1999 ජූනි 13) ලිපිය සොයා ගෙන කියවිය හැකිනම් අර්ජුනගේ සමාව ඉල්ලීමේ ලිපියේ රාවය සඳහන් කළ බොහෝ දේ තිබිණ.ඒවා වැරදි සේ අර්ජුනට බලය ඉදිරියේ නොදැනුණ කාරණාවන් විය.
මේ වන විට අර්ජුන ජාතික ක්‍රීඩා සභාවේ සිටින්නේ ද 96 වසරේ දීප්තියෙන් බැබලී කීර්තිය කණ්ඩායමට නොව තමාටය යන මට්ටමෙන් හැසිරෙනාකාරයටය.මෙහිදී තරමක් වෙනස් තත්ත්වයක් ඇති අතර ඔහුට කණ්ඩායම ලෙස ලැබ ඇත්තේ ද යම් යම් බලය සම්බන්ධ ඇරියස් සහිත නඩයක්මය.එසේම අමාත්‍යවරයාගේ ආසාව තමන්ට බලයක් ඇති බව පෙන්නා කුමක් හෝ ඉරි කෑල්ලක් හෝ ක්‍රීඩා සංගමයක තීරණවලින් ඈත් කර පෙන්නීමය.ඒ සඳහා හොඳම කණ්ඩායම තමන් සතුව ඇති බව සිතන අතර එහි නායකත්වය අර්ජුනට පැවරීමෙන් පසුව අර්ජුන ද කැමති ක්‍රියාවේ අර්ජුන සළකුණු කිරීම බැවින් රොෂාන් – අර්ජුන සුසංයෝගය කදිමට ගැලපෙන්නේය.
මේ වන විට සිඳු වී ඇති ක්‍රීඩාවන් ජාත්‍යන්තර වශයෙන් තහනම් වීමේ ක්‍රියාවලිය දේශපාලන අත පෙවීමක් සේ අරුත් දැක්වීම වෙනස් කර ගැනීම ගැන අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයාගේ අදහසට අනුව ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් තමන්ගේ දේශිය නියෝජිතයා ලෙස පත් කරන සංගමයට වඩා රටේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිඩා අමාත්‍යංශය පිළිගත යුතුය.ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කෙරෙන්නේම මේ වන විටත් ඒ අත පෙවීම් වැඩි බවය.

අර්ජුන ක්‍රීඩා කරන කාලයේ ඇත්තටම රණතුංග පවුල වාසනාවන්ත ක්‍රිකට් පවුලක් විය.අයියා ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විධායකයා විය.රටට ක්‍රිකට් ක්‍රිඩා කරපු රණතුංග පවුලේ සිව් දෙනෙක්ය.ඒ අර්ජුන,ධම්මික,නිශාන්ත සහ සංජීව ය.ප්‍රසන්න ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ විය.ඒ කාලයේ අමාත්‍යංශය ක්‍රිකට් ප්‍රශ්න කරන්නට ආවේ නැත.ඒ ක්‍රිකට්වල අධිපතිවාදී හැසිරීම් ගැන චෝදනා නැතුව නොවේය.හිටපු විධායකයාගේ නම ගෑවෙමින් වාර්තා වූ විකාශන අයිතිය පැවරීම සම්බන්ධ චෝදනා,රක්ෂණ කටයුතු සම්බන්ධ චෝදනා,ප්‍රවාහන කටයුතු සම්බන්ධ චෝදනා මෙන්ම ක්‍රිකට් උපකරණ ගැන චෝදනා ද ඒ අතර තිබිණ.නමුත් ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා තමන්ගේ දේශපාලන මිත්‍රයාගේ දරුවන්ගේ වැඩ ගත්තේ කොල්ලන්ගේ කොළු වැඩ ලෙසටය.
එහෙත් මේ චෝදනා පසුව තදින් එල්ල වී තනතුරෙන් ඉවත්ව ගිය ධම්මික ජීවත් වූයේ විදේශ රටකය.එහෙත් ඒ කිසිවක් නොවිසදී තිබියදී යහපාලන රජයේ ඉහළින්ම සිටි අර්ජුන ධම්මිකව කැඳවා තමන්ට ලැබුණ වටිනා අමාත්‍යංශවලට අයත් වටිනාම ආයතනවල සභාපතිත්වය සිය සහෝදරයාට ලබා දුන්නේය.

පසුව ක්‍රිකට්වල රණතුංග විරෝධය තනුක කරන උපක්‍රමය වූයේ එක් රණතුංග කෙනෙක්ට එරෙහිව ප්‍රධාන විරෝධතාකරුවා රණතුංග කෙනෙක්ම වීමය.ඒ නිසා මතු විය හැකි ප්‍රශ්න හැකිලිණ.සාකච්ඡාවන් සීමා විණි.අද වන විට ද මේ තත්ත්වය හමුවේ තමන්ට හොදට ප්‍රහාර දිය හැකි පන්දු යවන්නන් සොයා ගන්නට අර්ජුණට හමු වී ඇත.එහෙත් දවසක 99 දී වීසි වී ගිය පසු අර්ජුනට ලැබුණ අත්දැකීම යළිත් වතාවක් විඳින්නට සිදු වෙනවා ඇත.අර්ජුනට ඇති සර්වකාලීන වටිනාකම ඔහු තේරුම් ගන්නේ නැත.ඔහු ඒ රැස්වලින් තාවකාලිකව තමන්ගේ ඉලක්කවලට යන්න ඇති ආසාවන් සංතර්පණය කරන්නට උත්සාහ කිරීමෙන් කර ගන්නා හානිය කෙටිකාලීන එකක් සහ සදාකාලික එක පළුඳු කරන මට්ටමේ එකක්ය.

අර්ජුන හොඳ නරක බෙදා ගෙන අවසන්ය.ඒවා ක්‍රීඩාමය නොවන පුද්ගල අනුබද්ධ ඒවාය.ඒ නිසා කුමන අන්දමේ ජයග්‍රහණයක් හෝ විශිෂ්ඨ කාරණයක් අර්ජුණට හොඳ නොවන තැනක් ඇත.ඒ එයට තමන්ට රුචි නොවන අයෙක් සමබන්ධනම් ය.නැතිනම් තමන් සමඟ මිත්‍රශීලී හිතවත්කමක් නැති අයෙක් සම්බන්ධනම් ය.ඒ නිසා අර්ජුන මේ මොහොතේ ඉන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේය.රොෂාන් රණසිංහත් කැමති අර්ජුනගේ හැඩේටය.තමන්ට හැම දේම කිව යුතුය.තමන් දැන යුතුය යන මතයේ සිටින රොෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තරයට යමක් පැවසීමට හෝ ඔවුන් සමඟ යමක් කිරීමට පෙර තමන්ට ඇමතිවරයා සේ ගරු කර එය දැන්විය යුතු බව සිතීමම අවුලක්ය.හීනමාන හැඟීමක්ය.

මේ හැඟීම සහ අර්ජුනගේ උවමනාව එකට ඉටු වී වත්මන් ක්‍රිකට් පරිපාලනයට යන්න වී අර්ජුනට ක්‍රිකට් පාලනයේ සුක්කානම ලැබුණහොත් කුමක් වෙයිද?අර්ජුන හැමදේම රොෂාන් රණසිංහට කියයි ද?රොෂාන් රණසිිංහ තනිව තීරණ ගන්න අර්ජුන අයියාට තමන්ට නොකියා වැඩ කිරීම සම්බන්ධයෙන් සමාව දෙයිද? බලය යනු තමන්ට අභිමත පරිදි අසීමාන්තිකව හැසිරෙන්ට ලැබෙන වරමක් සේ සිතන බොහෝ දෙනෙක් ලද බලයෙන් අත් කරගන්නේ කීර්තිය වෙනුවට අපකීර්තිය ය.බලය සේවයක් පමණක් සහ අනෙකාගේ නිදහසට ඉඩ දීමක් සේ සිතා කටයුතු කරන අයෙකුට ලැබෙන අත්දැකීම ඊට වඩා සැනසිල්ල සහ සතුට සහිත පීඩනය අඩු එකක් වනු ඇත.
හැකිනම් අර්ජුනට නැවත 1999 ජූනි 13 රාවය කියවන්න යැයි අපි යෝජනා කරන්නෙමු.එසේම ක්‍රිකට් ලෝලී පාඨකයන්ටත් අර්ජුනත්,පවතින දේශපාලනය ඇතුළේ සමස්ත ක්‍රිඩාවත් එහි ඊළඟට හමුවිය හැකි ඛේදණිය අත්දැකීමත් දුර තියා දකින්නට ඒ සටහන් වැදගත් වනු ඇත.ඒ නිසා බලයක් ලැබුණු විට “තමන් අමතක කර” ඒ බලය පැවරුණු රාජකාරියට තම පෞද්ගලිකත්වය ගෙන ඒමෙන් වැළකීම වැදගත්ය.නැතිනම් ඉතිහාසයට එකතු වී ඇති යහපත්ට වඩා අනාගතයේදී ආපසු බැලීමේදී මහා විනාශකාරයෙක් දකින්නට ලැබෙනවා ඇත.අද දවස ලද බලයෙන් තෘප්තිමත් වීමට කළ හැකි ඕනෑම දෙයක් කරන්නට නොව එය තමන්ගේ ගෞරවය සහ කීර්තිය පිණිස කිසිවෙකුට වෙනසක් නොවී සාධාරණය ඇති කරන්නට යොදා ගන්නට හැකිනම්,ඒ මිනිසා තමන්ගේ ලේවල ඊළඟ පියවරට ඉතුරු කරන ධනය මිල කළ නොහැකිය.

පුළුවන්නම් 96 අතට ගත්ත ලෝක කුසලානය බිමින් තියන්න.තව ලෝක කුසලාන ගණනාවක් ගන්න පාර කියන දේවල් ඒ නිදහස් අත් දෙකෙන් රටට ලැබෙයි.2005 දී ලැබුණු යුද ජය මහින්ද රාජපක්ෂ පාවිච්චි කරපු හැටි සහ එය පවුලේම ආභරණයක් කරගන්න ගොස් අද වන විට පවුලටම දේශපාලන වශයෙන් අත් වී තිබෙන ඉරණම පමණක් උදාහරණයට තබමි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan