මොස්කව් ආසන්නයේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 25,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මොස්කව් ආසන්නයේ විශාල කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් අට දෙනෙකුවත් මිය ගොස් ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර Andrey Vorobyov නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන Tass වාර්තාකර තිබුණේ, විදුලි පද්ධතියක් ක්‍රියා විරහිත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි. හදිසි සේවාවලට අනුව, ගින්න මැඩපැවැත්වීමට පෙර වර්ග මීටර් 5,000 ක් පමණ පැතිරගොස් තිබු අතර සමාගම් 30 කට පමණ ඉඩකඩ මෙහි කුලියට දී තිබිණි.

මොස්කව් ප්‍රාදේශීය ආණ්ඩුකාර Andrei Vorobyov මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, වසර ගණනාවක් තිස්සේ දුර්වල ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් යුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ආරම්භ කර ඇති බවත්, ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව පැමිණිලිකරුවන් විමර්ශනය කරමින් සිටින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...