රටට සුභයි නම් පළාත් පාලන මැතිවරණයත් තියන්න – හිටපු මන්ත්‍රී විජේසිරි

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයා පවසන පරිදි රටට සුභයි නම වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ජනාධිපතිවරණය දිනාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මුසා බස් කියමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”රනිල්ව ජනාධිපති කරගත්තේ පොහොට්ටුව.රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා දැන් රටට සුභයි කියලා. හිනාවෙන්නේ කොතනින්ද කියලා හිතාගන්න බෑ. ජනතාව අල බතල කාලා ජීවත් වෙන්නේ. තුන්වේල කන්න නෑ. කොහොමද රටට සුභ වෙන්නේ. සුභ වුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. ජනතාව ආණ්ඩුව කෙරෙහි තරහින් ඉන්නේ. රටට සුභයිනම් පළාත් පාලන මැතිවරණය තියන්න. ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණය දිනාගන්න මුසා බස් කියනවා. ඔය කටින් කී පාරක් බංකොලොත් භාවයෙන් මිදුනා කිව්වද. හෙට රටේ මුදල් වියදම් කරගෙන 2023 කිව්වා වගේ මම රට මුදාවා ගත්තා කියනවනම් හොදයි. ඊලග දවසේ බදු වැඩිකරන්න එපා. පොහොට්ටුව කියනවා රනිල් එයාලගේ අපේක්ෂකයා නෙවෙයි කියලා. බංකොලොත් භාවයෙන් රට මුදවාගන්නනම් හොරු ටික අල්ලන්න. එයාලට සුබ නිසා රටට සුභයි කියනවා. අද ජාතික ජන බලවේගය නිහඩ වෙලා. රාජපක්ෂලා අපේක්ෂකයෙක් ඉන්නවා කිව්වට නම කියන්න බයයි. රනිල් අනුරව ලෝකේ වටේ යවනවා. පොහොට්ටුවේ ජන්ද සමගියට එයි කියලා බයේ රනිල් අනුරව පුම්බනවා. සමගි ජන බලවේගය පරාජය කරන්න බෑ. සජිත් ප්‍රේමදාස මහතාගේ කදවුරේ ශක්තිය ජනතාව දන්නවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...