වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 25) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...