යටගිය අලියා යළි ගොඩ ගනී !

Date:

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මොරටුව මහේස්ත්‍රාත් තිලින ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබේ.

ඒ, අනීතික ලෙස අලි පැටවෙකු තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

එම චෝදනා පත්‍රයේ සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවන ලදී.

මේ අතර, ආරංචිමාර්ග පැවසුවේ මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්කිරීම සඳහා මෑතකදී සකස් කෙරුණු මහේස්ත්‍රාත්වරුන්ගේ නම් ලැයිස්තුවෙහි ද තිලින ගමගේගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...