බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස්ට එරෙහි පැමිණිල්ල අද (25) යළි කැඳවයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු, ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියාය. 

වැඩ තහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාරය නිලධාරීන්විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලි විභාගය මෙසේ පසුවට කල් තැබූ බව පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අද උදෑසන පාර්ලිමේන්තුවේ පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් සහභාගී වන බැවින් විමර්ශන විභාගය පසුවට කල් තබන ලෙසට ඉල්ලා සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...