සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW:

දකුණු කොරියාවේදී ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලිය ආරම්භවීමට නියමිතය.ඒ ජූනි 27 වන දාය.පිටත්ව යාමට පෙර මාධ්‍යයට අදහස් දැක් වූ පුහුණුකාරිණිය හයසින්ත් විජේසිංහ සිය කණ්ඩායමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු පහසුකම් ලබා දීමට උනන්දු වූ බවත් ඒත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටිය ලබා නොදීම යම් අඩුවක් බවත් සිහි කළාය.ඉදිරියට දක්ෂතා දැක්වීමට ජාතික කණ්ඩායමකට එහි අවශ්‍යයතාවය ගැන ද සිහිපත් කළාය.


සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටිය ජාතික කණ්ඩායමකට හෝ පුහුණුනට ලබා ගැනීමට නොහැකිකම අද ඊයේ ප්‍රශ්නයක් නොවේය.එය හයසින්ත් ද දන්නේය.එය තිබුණු ගැටළුවක් හැටියට තවමත් තිබීම කණගාටුදායකය.රජය අලුත් වුණාට සුගතදාසය ලබා ගැනීමේ ගැටළුව සහ එය ජාතික සංගම්වලට ලබා දීමේ තත්ත්වය හරියට ක්‍රියාත්මක නොව බව බැඩිමින්ටන් ජාත්‍යන්තර තරගාවලියකට සළකපු අන්දම අනුව අප මිට පෙර කියා ඇත.


වසර 10 ක් තුළ අවසාන තරගයටවත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් පැමිණ නැති අතර ඉතා සුළු කාලයක් ඇතුළත සූදානම් වීමේදී පුහුණු තරග අවස්ථාවක් හෝ නොලැබීම ද අඩුවක් බව හයසින්ත් පවසා සිටියාය.එහෙත් හයසින්ත් යනු අත්දැකීම් ඇති තරගයේ ස්වභාවය අනුව ඒ මොහොතට අදාළ හොඳම දේ කිරිමට දන්නා උපක්‍රමශීලි පුහුණුකාරිණියක බැවින් සහ පළපුරුදු ක්‍රීඩිකාවන් කණ්ඩායමේ සිටින නිසාත් මෙවර ආසියානු යොවුන් කුසලානය බලාපොරොත්තු තබාගත හැකි මට්ටමක තිබෙන බව අපි විශ්වාස කරමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...