ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – සජිත් (VIDEO)

Date:

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව කරන ඇත්තන්ට ජන දුක පිළිබඳව පිළිබඳව කිසිදු වගක් නැති බව ද සඳහන් කළේය.

සමගි ජන බලවේගයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය ඇප කැප වෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආණ්ඩුවකින් මිනිස්සු බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස කරන්නට බැරි අඳෝනාවන් නොවන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, නමුත් දෙවසරක ආණ්ඩුව යටතේ අද ජනතාවට උරුම වී ඇත්තේ දේශපාලන රංගන පමණක් බවද පැවසීය.

දෙකොන දැල්වෙන විලක්කුවක් සේ යුද්ධ දෙකක් තිබූ රටක් භාරගත් රණසිංහ ප්‍රේමදාස මහතා එදා නොහැකියාව සහ බැරිකම ගැන කියමින් නොසිට වැඩ කළ බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

වැඩ බැරිකම ගැන අඳෝනා නොකියූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඩ කරන හැටි පෙන්නු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන බවට කියා බලය ලබාගත් පාලකයින් රටම ඛේදවාචකයකට තල්ලු වී තිබියදීත් පොදු ජනතාව පෝලිම් වල ලතවෙමින් සිටියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බව කී විපක්ෂ නායකවරයා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ දුකට මුවා වී හෝ තමන්ගේ මඩිය තරකර ගැනීම බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (23) ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...