ඇයි මේක නාමල්ට යවන්නේ ? කවුද අදානිගෙ ලංකාවේ ඒජන්ට් – මරික්කාර් ප්‍රශ්න කරයි (VIDEO)

Date:

මන්නාරමේ යෝජිත විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා මුදල් අමාත්‍යාංශය වෙත යැවූ ලිපියේ පිටපතක් නාමල් රාජපක්ෂ මහතාට යොමුකිරීම සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහත්මයා 2021 නොවැම්බර් 25 මුදල් අමාත්‍යාංශයට යවපු ලිපියේ පළවෙනි ඡේදයේ තියෙන්නෙ ජනාධිපතිගෙ ඩිරෙක්ෂන් අනුව කියලා. ඊළඟට එකේ දෙවැනි ඡේදයේ තියෙන විදියට ජනාධිපතිවරයා විතරක් නෙවෙයි අගමැතිවරයාත් ඩිරෙක්ෂන් එකක් දීලා තියෙනවා. එතුමා එතුමාගෙ ලියුම අනුව පෙනී හිටිනවා නම් මේක G to G ද, ඉන්දියන් ආණ්ඩුව කිව්වද නැද්ද කියන එක වෙනම කතාවක්, නමුත් ජනාධිපති සහ අගමැති ඩිරෙක්ෂන් එකක් දීලා තියෙනවා එවකට විදුලිබල මණ්ඩලේ සභාපතිට මේක අදානිට දෙන්න කියලා. එතකොට එතුමාගේ මේ ලියුමේ පිටපතක් දානවා නාමල් රාජපක්ෂට. එයා කවුද ? මේ විෂයයට අදාළ ඇමතිවරයෙක්ද ? ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂට කොපි කරන්නෙ ? එතකොට කවුද අදානිගෙ ලෝකල් ඒජන්ට් ලංකාවෙ ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ මොකක්ද ?”

මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...