තෙල් නැව එන දවසක් කියන්න බෑ, පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන

ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් නෞකා තවදුරටත් ප්‍රමාද වන හෙයින් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ ඉන්ධන තොග සඳහා ගෙවීම් කටයුතුවල ප්‍රමාදයක් සිදුව ඇති හෙයින් මෙසේ ඉන්ධන නෞකා පැමිණීම ද ප්‍රමාද වී ඇති අතර එම නෞකා පැමිණෙන දිනයක් තවමත් නිශ්චිතව කිවනොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව දැනට පවතින ඉන්ධන තොග පොදු ප්‍රවාහනය, විදුලි ජනනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් භාවිතා කිරීමට සිදුව ඇති බවත්, පවතින සීමිත පෙට්‍රල් සහ ඩීසල් තොග ලබන සතිය තුළ සීමිත පිරවුම්හල් ප්‍රමාණයක් සඳහා බෙදාහැරීමට සිදුවන බවත් පවසන අමාත්‍යවරයා මෙම ප්‍රමාදය සහ දුෂ්කරතා සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...