රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :
ශ්රී ලංකාවේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ සිදුවන නවතම සංශෝධන සහ නිර්ණායක වෙනස්වීම් පිළිබඳව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි.
ඒ අනුව මින් ඉදිරියට මෙම දීමනා හිමිවන්නේ දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට පමණක් වන අතර, මීට පෙර ප්රතිලාභ ලැබූ සංක්රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා ගෙවීම් නතර කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත්, අදාළ දීමනා අහිමි වූ පවුල් අතර තවමත් ආර්ථික අපහසුතා ඇති පිරිස් සිටී නම්, ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසුව නැවත සහනාධාර ලබාගැනීමේ අවස්ථාව පවතී.
රජයේ අරමුණ වන්නේ වඩාත් සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට පමණක් මෙම මූල්ය ආධාර ක්රමවත්ව ලබාදීමයි.
2023 වර්ෂයේ දී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවූ අතර 2025 අප්රේල් මාසයේ දී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්රාන්තික කාණ්ඩයේ ප්රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර තිබේ. එහි තෙවන කාණ්ඩය වන අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්රතිලාභීන් 425,000කට මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව නතර කර ඇති බව වාර්තා වේ.
මේ හරහා සහනාධාර ක්රියාවලියේ ව්යුහාත්මක ප්රතිසංස්කරණයක් සහ වඩාත් විනිවිදභාවයකින් යුත් තේරීම් පටිපාටියක් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනේ දෙවන අදියර ක්රියාත්මක කරමින් නියමිත පිරිස් වෙත සහන සැලසීම මෙහි ප්රධාන අරමුණයි.


