කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   (24) රාත්‍රියේ සිට කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ රාත්‍රී බස් සේවාවක් ආරම්භ කර තිබෙන අතර ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුලතිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත්තුව දක්වා රාත්‍රී බස් සේවාවක් ඊයේ ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම සේවාව ආරම්භ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි, ආරයම්පති, කලුවංචිකුඩි, කල්මුණේ, කාරයිතිව්, නින්දවුර්, අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත්තුව වෙත ළඟාවන බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...