*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ලෝක රග්බි පැමිණීම දේශපාලන හිල් වසන්නද – ලොකු කරන්න ද?

ජාත්‍යන්තර රග්බි සම්මේලනය දේශපාලන අතපෙවීම් පදනම් කරගෙන විසුරුවා හරින ලද රග්බි සම්මේලනය සමඟ සාකච්ඡා කිරීමට දිවයිනට පැමිණීමට නියමිතය.එය ජුලි මාසයේ පස්වන දා සිදු වීමට නියමිතය.එහිදී ස්ථාවරකරණ කමිටුව විසින් අමාත්‍යවරයා විසින් තහනම් කරන ලද නිල රගර් සම්මේලනය විසින් පත් කරන ලද විධායක නිලධාරියා වන හසන් සිංහවංශගේ පත්වීම ගැන විවිධ දේ කීවද,ජාත්‍යන්තර රගර් සම්මේලනය එම හමුවීම සම්බන්ධ ලිපිය යොමු කරන්නේද සිංහවංශ වෙතය.
නාමල් රාජපක්ෂගේ සිට එන මේ ගැටළුකාරී තත්ත්වයට හේතුව රගර් සම්මේලනය අමාත්‍යංශයට ගරු නොකිරීම නොවේය.අමාත්‍යංශය පසුපස වැටී දොරකඩ ළග හඩා වැටී හිඟමන් ඉල්ලන්නන්ගේ තත්ත්වයට පත් නොවීමය.

ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූප පිම්ඹීමට වඩා රගර් වෙනුවෙන් වැඩ කරන්නට මුල් තැන දීමය.සරලව අමාත්‍යංශය මත්තේ හැපෙමින්,පාච්චල් වෙමින් නොසිට ස්වාධීනව ක්‍රිඩාව කරගෙන යා හැකි බවට ආදර්ශයක් සැපයීමය.එම ආදර්ශය අනෙක් ක්‍රීඩා සංගම් ද හුරු කර ගත්තේනම් කෙළින්ම දේශපාලනික වශයෙන් පිම්ඹෙන්නට තියෙන ඉඩ ක්‍රීඩාව විසින් වසා දැමීමෙන් වන හානිය නාමල්ට දැණින.එහිදී ඔහු විසින් ක්‍රිඩා පණත අවියක් කරගෙන පහර දුන්නද,ප්‍රශ්නය නීතිය ඉදිරියට රැඟෙන ගොස් නිරාකරණය කර ගත්තේ දේශපාලනයට හිතූ පරිදි වැඩ කරන්නට බලයක් නැති බව තව දුරටත් සහතික කරමින්ය.


නාමල්,අමල් එදිරිසූරිය හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ ස්ථාවරකරණ කමිටුවේ හැඩේ සහිතව රිස්ලි ඉල්ලියාස් ද ඇතුළත් කර අසංග සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් උපදේශන කමිටුවක් පත් කරන්නේය.ඒ වන විටත් අසංග ආසියානු සභාපතිවරයාගේ සමීපතමයෙක්ව සිටින අතර අසංග සහිත එම කමිටුව පත් කරන්නට ආසියානු සභාපතිවරයාගේ දැනුවත් වීම සහ ආශිර්වාදය ක්‍රිඩා ඇමතිතුමා ලබාගෙන ඇති බවත් එම ලිපියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම පෙන්වා දෙන්නේය.
අසංග සැබවින්ම මේ රටේ ආගමන විගමන නීතියට උල්ලංඝණය කරමින් විදේශිකයෙක් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම නිසා ජාත්‍යන්තර රගර් සම්මේලනය විසින් පවුම් 50000 ක දඩයකට යටත් කරන විට ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ සභාපතිවරයාය.අදටත් ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය වසරක් පාසා ගෙවා දමන එම දඩයට යටත්වන මොහොතේ සභාපතිවරයාට තනතුරු පවරමින්,හිටිව රගර් සභාපතිවරුන්ගේ පාලන සමයේ හිස් කළ රගර් ගිණුම නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටින සභාපතිවරයාව ගෙදර යවන්නට අමාත්‍යවරු වලිකන්නේ රගර් ස්වාධිනව සිය අභිමානය රැකගෙන ක්‍රියා කරන නිසාය.


නාමල් රජපක්ෂ උපදේශන කමිටුවක අවශ්‍යයතාවය ආසියානු සම්මේලන සභාපතිවරයා සමඟ කතා කිරීම සදාචාරසම්පන්න නොවන අතර එය කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකාවේ සභාපතිවරයා සමඟය.මේ හැසිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිඩා ඇමතිවරු තීරණ ගැනීමේදී ලංකාවේ සංගම් සම්මේලන සමඟ කතා කර තීරණ නොගැනීම මදිකමක් යැයි ඇති කර ගන්නා ලද දුරාවබෝධයක් ය,හීනමානයක්ය.මේ ගැන ක්‍රීඩා ඇමතිවරයාගේ අග්‍ර පුරෝහිත බවට පත්ව සිටින ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග තමන්ගේ මාධ්‍ය හමුවේදී අපූරුවට පහදන්නේය.ජාත්‍යන්තර ක්‍රිඩා සංගම් සම්මේලන අමාත්‍යංශය සමඟ ද ගනු දෙනු කළ යුතු බවට අර්ජුන ගෙන එන තර්කය එන්නේ එතැනය.ඔහුත් දිනූ ලෝක කුසලානය සමඟ සිතන්නේ ක්‍රිකට් ගැන මේ පොළවේ සියලු දේ විය යුත්තේ තමන්ගේ දැනුමට සහ නියෝගවලට අනුව බවය.


අනතුරුව ඌව සහ බස්නාහිර සංගම්වල කාරණයක් පදනම් කරගෙන රගර් පරිපාලනය තහනම් කරන්නට නාමල් කටයුතු කරන්නේය.ඊට පෙරත් ආසියානු රගර් සම්මේලනය ඇතැම් කාරණාවන් ශ්‍රී ලංකා රග්බි නොතකා,අසංග සහ නාමල් සමඟ ක්‍රියාකරන අවස්ථාවේදී ඇති වූ පෞද්ගලික වට්සඇප් විවේචනයක් නිසා ශ්‍රී ලංකා සභාපතිවරයා සහ ආසියානු සභාපතිවරයා අතර තරහවක්ද හට ගන්නේය.දැන් අමාත්‍යවරයා පතුරු ගසන එක කාරණාවක් වන්නේ මේ තරහය.


නමුත් මේ වන විට ඒ තරහව පදනම කරගෙන ශ්‍රී ලංකා සභාපතිවරයාට තහනමක් පැනවීම ගැන,තමන්ට බලපාන පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්නයක් නිසා රටක රගර්වලට බලපෑම් කිරීම වැනි සංවේදී කරුණු ගැන ආසියාවෙන්ම පරීක්ෂණයක් පවත්වන අතර ජාත්‍යන්තර රගර් සම්මේලනයද පරීක්ෂණයක් සිදු කරයි.නමුත් තහනම ගෙන ඒමට හේතුවූ චෝදනා සහ චෝදනාවන්ට පදනම් වූ සාක්ෂි තවමත් ආසියානු සභාපතිවරයාට සහ එහි විධායක සභාවට ඉදිරිපත් කරන්නට නොහැකිව තිබේ.ඊට හේතුව රටක රගර් පරිපාලනය මඟ හැරි ගොස් එරට දේශපාලනඥයන් සමඟ වැඩ කිරීම යනු,ආසියානු සභාපතිවරයාව ප්‍රතික්ෂේපවීමට හේතුවක් විය හැකි බැවිනි.දේශපාලනික කණ්ඩායම් සමඟ සෘජුව වැඩ කරමින් රටක රගර් ක්‍රීඩාව එම දේශපාලනඥයන්ගේ අණට යටත් කර තබාගන්නට උපදෙස් දීම,බලපෑම් කිරීම සහ එවැනි දේ අනුමත කිරීම හෝ පෙළඹවීම සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර රගර් සම්මේලනයේ ප්‍රතිපත්ති පාවා දීමක් වනු ඇත.


මේ කරුණු ගැඹුරින් බලා, හිටපු අමාත්‍යවරයා අතින් රටේ රගර්වලට වූ හානිය වෙනස් කිරීමට කටයුතු කළ යුතුව තිබුණත්,රොෂාන් රණසිංහ ද සිටින්නේ හීනමාන තත්ත්වයේමය.ඔහු ඊට වඩා පියවර ගණනක් පැන පහර දෙන්නට පටන්ගන්නේ ඒ නිසාය.තමන්ගේ රටේ රගර් පරිපාලනය අභිබවා වැඩ කරන්නට නාමල්ට තිබුණ හැඟීමම රොෂාන්ට ද ඇති අතර ඒ නිසා ඔහු සියල්ල තහනම් වුව ද උත්සාහ කරමින් සිටින්නේ ජාත්‍යන්තර සංගම්වලින් දේශීය නියෝජිතත්වය ඉක්මවා තමන්ට ලැබෙන සැළකිල්ලක් සහ පිළිගැනීමක්ය.ඔහුට ඒ ආකාරයෙන්ම ඇරියස් සහිත තමන්ගේ ක්‍රීඩාවට අදාළ සමාජ පරිසරය තුළ වගකිමක් සඳහා තෝරා ගන්නට තරම් ජනප්‍රියත්වයක් රහිත මිනිස්සු බහුතරයක් සහිත උපදේශක සභාවක් ද වන්නේය.ක්‍රීඩාව දවසින් දවස අර්බූදයට යමින් ඇත්තේ මේ තත්ත්වය තුළය.


අමාත්‍යවරයා පතුරු ගසන ලංකාවේ දේශපාලනය සහ දැන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කිරීමට ලක්විය හැකි ආසියානු සභාපතිවරයාගේ හැසිරීමද හේතු කොට ගෙන වූ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පත්වීම ගැන අමාත්‍යවරයාට පරීක්ෂණයකින් පසුව ලැබෙන වාර්තාවේ ඇත්තේ එම සභාපති තනතුරට ඔහුව පත් කර ගන්නේ ද නොගන්නේ ද යන්න තීරණය කිරීමේ අයිතිය ඡන්දදායක ක්‍රීඩා සංගම්වල කැමත්තට අයත් කාර්යයක් බවය.එම වාර්තාවේ පවසන අමාත්‍යංශය විසින් අධිකරණය විසින් දුන් උපදෙස් පිළිනොපැදීම නිසා වූ හානියක් රගර් සම්මේලනය පිට වැටී ඇත.ඒ බස්නාහිර සහ ඌව සංගම් පිළිබද ප්‍රශ්නය කතා කර විසඳන්නට අධිකරණය විසින් පවරනු ලබන්නේ අමාත්‍යංශයටය.එ් තීන්දුව ලබා දෙන්නේ නිලවරණය පැවත්වීම සඳහාය.නියමිත කාලයට නිලවරණය කැඳවීමට අමාත්‍යංශය අධිකරණයේ තීන්දුව අනුව එම ප්‍රශ්නය කතා කළ යුතුව තිබුණත්,නැවත නාමල් රාජපක්ෂගේ තීරණය හකුලාගෙන තහනමට යනතෙක්ම අමාත්‍යංශය අධිකරණ නියෝගය අනුව කටයුතු කර නැත.රගර් සම්මේලනයට නොව අධිකරණයටත් අවනත නොවන මට්ටමෙන් ක්‍රීඩාවේ බලය ගැන හිතන දේශපාලන නායකත්වයක් ඇති තැනක් බවට ක්‍රීඩා අමාත්‍යංශය පත් වී ඇත්තේ මේ ආකාරයෙන්ය.

(මේ සම්බන්ධ අභියාචනාධිකරණය විසින් 2022 මැයි 19 නිකුත් කරන ලද නඩු වාර්තාව නිරීක්ෂණයෙන් පැහිදිළි කර ගැනීමට හැකිය.)එසේම පරීක්ෂණයේ දී අවධානය යොමු නොවුණු විශේෂිත කාරණයක් වන්නේ එම සංගම් දෙක නිලවරණයේදී ඡන්දය භාවිතා කර නොමැති බවය.
ඇමතිවරයා දැන් පෞද්ගලිකව රගර් සභාපති ධූරයෙන් ඉවත් කළ රිස්ලි ඉල්ලියාස් මුණ ගැසුණ විට පිටත වේදිකාවල නඟන ශබ්දය දමන්නේ නැත.දැන් කියන්නේ වෙනස්විය යුතු ව්‍යවස්ථාවක් ගැනය.ඇමතිට බලයක් ඇතැයි කියා ඇති ලියවිල්ලක් ගෙන එය හසුරුවන ආකාරයට රග්බි ක්‍රීඩාවේ ව්‍යවස්ථාව හසුරුවන්නට සභාපතිවරයා සූදානම් නැත.හේතුව එසේ කිරීමට නොහැකිකමය.සිටින සභාවේ 2/3 ක් ඒ සඳහා අවශ්‍යය වන්නේය.එසේම ඉල්ලියාස් තමන්ගේ ඉවත් කිරීම නිරපරාදේ ඉවසිය යුතු නැත.ඔහු පවසන ආකාරයටත් වසර 40 ට ආසන්න රගර් ජිවිතයේ ඔහු භාරගත් වගකීම් ඉටු නොකර පැහැර හැර නැත.එවැනි තැන් හී දූෂණ හෝ වෙනත් අක්‍රමිකතා සිඳු කළ බවට අමාත්‍යවරයාවත් චෝදනා කරන්නේ නැත.


නමුත් පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකාව හසුකළ සහ සභාපති ධූරයෙන් යන විට මිලියන 35 ක ණයක් තබා ගිය අසංග සෙනවිරත්න අමාත්‍යවරයාට හොඳය.එසේම තමන්ට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සිටින හිටපු රගර් සභාපතිවරයෙක් වන ලසිත ගුණරත්න එම දඩ මුදල තවත් මිලියන 20 ට එහා දියුණු කළේය.එසේම ඔහු වත්මන් ආසියානු සභාපතිවරයාට ඡන්දය දෙන බවට උපකාර අනුමත කරවාගෙන ඔහුගේ ප්‍රතිවාදියාට නිලවරණයේදී ඡන්දය පාවිච්චි කළ පුද්ගලයෙක්ය.


එවැනි පුද්ගලයන් සමඟ වෙසෙන අතරේ ක්‍රීඩා අමාත්‍යවරයා එසේ නොවන අයව රටින් පිටුවහල් කරන්නට කතා කරන්නේය.ඒ අමාත්‍යවරයා ප්‍රාර්ථනා කරන ලෝකයනම් අමාත්‍යවරයා ගැන ද හිතා ගන්නට හැකිය.ඇත්තටම මේ වන විට මතුවෙමින් ඇත්තේ අමාත්‍යවරයාගේ සහ ජාතික ක්‍රීඩා සභාවේ ඇතැම් උපදේශ සමඟ ප්‍රදර්ශනය වන මානසික ව්‍යාධියක්ය.කෙනෙකුගේ හෝ සංගමයක හෝ සම්මේලනයක ස්වාධීනත්වය ඉවසීමට නොහැකිකමය.කුමනාකාරයේ හෝ බලපෑමක් කරන්නට අවශ්‍යය වන්නේය.ඒ හරහා ජාත්‍යන්තර සංගම් අදාළ දේශීය පරිපාලනය සමඟ නොව අමාත්‍යවරයා සහ අමාත්‍යංශය පසුකර ඔවුන් වෙත යා යුතු බව විශ්වාස කරන්නේය.
දැන් ක්‍රීඩා අමාත්‍යවරයා ජූලි පස්වන දා පැමිණෙන ජාත්‍යන්තර රග්බි සම්මේලන නියෝජිතයෝ අර්ජුන කිව්ව පරිදි රටේ ක්‍රීඩාව භාර දේශපාලන බලධාරියාට ක්‍රිඩා සම්මේලනයක ස්වාධීනත්වයට බාධා කරන්නට ඇඟිල්ල ඔබන්නට ඇති හිල ලොකු කර දෙන තෙක් බලා සිටිනවා විය හැකිය.නමුත් ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්වන්නේනම් එවැනි ඇඟිලි කපා දැමීමටය.ඇත්තටම ලංකාවේ ක්‍රීඩාවට අත පෙවීමට ඇති දේශපාලන හිල් මකා දැමිය යුතුය.ජාතික ක්‍රීඩා සභාව වැනි සභාවක් පාර්ලිමේන්තුවෙන් පත් කර ගැටළුකාරී අවස්ථාවකදී ඔවුන්ට මැදිහත් වී ඒ ප්‍රශ්න නිරාකරණය කරන්නට අවසර දිය යුතුය.අමාත්‍යවරයාට කැමති ඕනෑම විදිහක පුද්ගලයෙක් කැඳවා ජාතික ක්‍රීඩා සභාවේ හිඳුවා ක්‍රීඩාව අවුල් කිරීමට වඩා පක්ෂ විපක්ෂ නියෝජනයක් එන ආකරයට පාර්ලිමේන්තු කාරක සභාවක් ආකාරයට ජාතික ක්‍රීඩා සභාව පිහිටුවා කටයුතු කරන්නේනම් වැදගත්ය.


උදාහරණයකට රග්බි ගිණුමම ගන්න.ණය මිලියන 35ක් 55 ක් වගෙ ගණන් ණය වෙන්න කොච්චර මුදල් සංසරණයක් සිඳු වෙනවා ඇද්ද?එම ණය සිලියන 25 න් පමණ අඩු කර රගර්වල මුදල් තත්ත්වය යහපත් තත්ත්වයකට ගෙනෙන විට අමාත්‍යවරයාට එම මුදල් ගොඩත් සමඟ තමන්ගේ පිරිසක් එහි ඉන්දවීමට හැකියාව තිබෙන්නේනම් එය සාධාරණ ද?දැන් ඔහුගේ ජාතික ක්‍රීඩා සභාවේ ඉන්න බහුතරයක් පරිපාලනමය වශයෙන් යම් අසාර්ථක මට්ටමක සිටි හෝ තමන් නියෝජනය කරන ක්‍රීඩාවට අදාළ පරිසරය ඇතුළත,නිලවරණයකින් තනතුරුක් ගන්නට තරම් සාර්ථක නොවී පරාජය වූ අයය.තමන්ව පරාජය කළ ජයග්‍රාහකයන්ව පරාජිතයන්ට මෙහෙයවන්න බලයක් දීම යනු ලෝකයේ කුමන පරිපාලන සිද්ධාන්තයකවත් නොතිබෙන හෝ නොතිබිය යුතු තත්ත්වයක්ය.ක්‍රීඩා අමාත්‍යවරයා හදා ඇති මේ විකෘතිය ඇතුළේ ක්‍රීඩාව පණ යමින් විනාශය කරා ළඟා වෙමින් ඇත.සමහර විට නරක සියල්ලම එක පිලකට පැමිණ සිය බලය යොදා හොඳ මිනිසුන් ඉවතට තල්ලු කරන්න වෙර දරන තරමට නූතණ ක්‍රීඩා දේශපාලන නාටකය ඛේදණිය තැනකට ළඟා වෙමින් ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan