සාහිත රසකාමීන්ට සුනිල සම්භාෂණය වෙනුවෙන් ජූනි 27 මහවැලියේ දොරටු හැරේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

සුනිල් විජේසිරිවර්ධන කියන්නෙ ලංකාවෙ කලාව සහ සාහිත්‍ය විෂයන් කෙරෙහි ප්‍රමාණාත්මක බරක් තැබූ කෙනෙක්.ඔහු භාවිතාවෙන් ඊට දායක වුණා වගේම ඒ භාවිතාවේ යෙදෙන්නන්ට පහසුකම් සැපයීම සහ සංවිධානය වීම සඳහා අවකාශයන් නිර්මාණය කරන්න මැදිහත් වූ කෙනෙක්.
මහාචාර්ය කියන ඇමතුමට සහ ඒ නිසා සර් කියන ඇමතුම වෙනුවට අපේ පරම්පරාවට එනකම්ම වගේම,ඊට පසු පරම්පරාවලත් වයසට නොගිය තරුණකමත්,ගෞරවය ඉහළින්ම සනිටුහන් කරන සහෘදකමකුත් එක්ක,සුනිල් විජේසිරිවර්ධනයන් හැඳින්වුණේ “සුනිල් අයියා” හැටියටයි.බොහෝ විකුම් පෑ කලාකරුවන්,සාහිත්‍යකරුවන්ට සිසිලක්,සෙවණක් ගෙනා සහ අභ්‍යාස භූමියක් වූ විභවියේ සිට මේ දක්වා සුනිලුන් කරපු කියපු ඉතිහාස කතාවලින් පිරුණු මතක ඔස්සේ ජනක ඉණිමංකඩ සිය විදර්ශණ පොත් හරහා මේ ප්‍රාඥයාගේ වික්‍රමයන් පොකුරක් හැටියට එළි දක්වන්න කටයුතු කරලා තියෙනවා.


ඔහුගේ සාහිත්‍යමය වන්දනාවට හතළිස් වසරක් ගෙවීම සිහිපත් කරමින් ඔහු විසින් රචිත කෘති තුනක අලුත් මුද්‍රණය අතරට,අලුත්ම ඔහුගේ කෘති තුනක් ද එළි දැක්වීම යොදා තිබෙන්නේ සුනිල් අයියාගේ ජීවිත චාරිකාවට වසර 72 ක් සපිරෙන දිනයේදී යි.ඒ ජූනි 27 වන දින සිඳුවන සුනිල සම්භාෂණය වෙනුවෙන් පස්වරු 2.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දොරගුළු විවර වීමට නියමිතයි.


ඒ සම්භාෂණයේ සුනිලුන්ගේ සාහිත්‍යමය සහ කලාත්මීය අභ්‍යාස පිළිබඳ කිරා මැන බැලීමේ දෙසුම් ගල්කන්දේ ධම්මානන්ද හිමි,ජයදේව උයන්ගොඩ සහ නිර්මාල් රංජිත් දේවසිරි වෙත පැවරී තිබෙනවා.එදිනට සුනිලුන්ගේ පැරණි සාහිත්‍ය අස්වැන්නෙන් නිල් කිරිල්ලී.මානසවිල.නිර්ඝාත දේශපාලන විද්‍යාව (පරිවර්තන) කෘති ත්‍රිත්වයත්,අලුතින්ම එකතු වෙන දෙසුම් දහයක්.(ඔහු විසින් විවිධ අවස්ථාවලදී කරන ලද දේශන දහයක්.), මතු මතක.(නවතම කාව්‍ය සංග්‍රහය) සහ ජීවවාස විචාරයත් ලාංකේය සාහිත කෙත පෝෂණය කරන්නට එක්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...