ගංවතුරෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම ගැන විශේෂ සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වලට ඇති වූ ගංවතුර තත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී අමාත්‍යවරයා ආපදාවන්ට ලක්වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව පැමිණි සිටි නිලධාරීන් සමග සාකච්ඡා කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් වෙන් කර ඇති බවත් එම මුල්‍යධාර ලබා දීම නිසි ක්‍රමවේදයක් ඔස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පුර්ණ වශයෙන් හානි වී ඇති එක් නිවසක් සඳහා රුපියල් ලක්‍ෂ 25ක් ලබා දීමට දැනට යෝජනා වී ඇති අතර එවැනි නිවාස වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට යෝජනා වී ඇති බවත් එමගින් අවශ්‍ය ශ්‍රමය ලබාගැනීමේදී ඇති වන ගැටළු මගහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැහැදිලි කළේය.

එමෙන්ම මෙම ක්‍රියාවලියේදී පැන නැගිය හැකි ප්‍රායෝගික ගැටලු හා ඒවාට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡාවට ලක් විය. ඒ අනුව ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂී නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවයේ සියළු නිලධාරින්ගේ සහයෝගය මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක මහතා, මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජිත නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...