සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):
නිවිතිගල පාතකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටර්හ් දන්වා සිටී.