දිවයින පුරා රෙජිස්ට්‍රාර්වරු ලෙඩවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

හෙට (27) සහ අනිද්දා (28) ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රෙජිස්ට්‍රාර් සේවයේ නියුතු නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

1864දී ආරම්භ කරන ලද මෙම දෙපාර්තමේන්තුව සඳහා විධිමත් සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති බව ,රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් සේවා නිලධාරි සංගමයේ ලේකම් ප්‍රභාත් එන්. ගුණවර්ධන පවසයි.

එබැවින් , සුදුසු වැටුප් පරිමාණයක් නොමැති නිසා නිලධාරීන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය. මෙම ගැටලුව විසඳා ගැනීමට 2016 වසරේ සිට විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් වසර අටක කාලයක් ගත කළ නමුත් මේ දක්වා සතු⁣ටුදායක ප්‍රතිචාරයක් නොලැබීම මත ඊට විරෝධය පා මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැළෙන බවද ප්‍රභාත් මහතා වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...