රට බංකොලොත් වෙලාවෙත් හොරකම් කරපු කණ්ඩායමක් නමම් අපහු බලයට එන්න හදන්නේ රටට දෙයියන්ගේම පිහිටයි – දයාසිරි

Date:

කොළඹ LNW:රට බංකොලොත් අවස්ථාවේදීත් හොරකම් කරන රාජ්‍ය සම්පත් කොල්ල කන පිරිසක් නම් නැවත බලයට පැමිණීමට උත්සහ කරන්නේ රටට දෙයියන්ගේම පිහිට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එහෙයින් මේ මොහොතේ වෙනත් විකල්පයක් ගැන සිතිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මේ රටේ ජනතාව හොඳින් මතක තබා ගත යුතු කාරණය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක හැදෙන රාජපක්ෂවරු එක්ක හැදෙන ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් එක්ක හැදෙන සන්ධානයකින් තවදුරටත් රට බංකොලොත් වෙලා තියෙන තත්ත්වයක් තුළත් රටේ තිබුණ VHF වගේ හොරකම්,සීනි බදු වංචා ඊළඟට තෙල් මගඩි,සුදුළුණු වංචාව වැනි වංචා බිත්තර වලින් හොරකම් කරපු හැටි වගේ අත්දැකීම් තියෙනවා. රට බංකොලොත් තත්ත්වයේ ඉන්නකොටත් මේ හොරකම් කරනවා. අද ජනාධිපතිවරයාගේ වටේ ඉන්න පිරිස් වල පළමු කාර්ය භාරය වෙලා තියෙන්නේ තමන්ගේ සාක්කු ටික පුරවා ගැනීම සහ ඊළඟ ජනාධිපතිවරණයට සල්ලි ටිකක් එකතු කර ගැනීම. රට බංකොලොත් වෙලා ඉන්න වෙලාවක,මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයන් ගැන කල්පනා කරන්නේ නැතුව රටේ සම්පත් ටික කොල්ලකන මිනිස්සු ටිකක් නම් ආපහු බලයට එන්න හදන්නේ මේ රටට දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා අපි වෙනත් විදිහේ විකල්පයක් ගැන කල්පනා කළ යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...