ආසියානු සහයෝගීතා සංවාදය තුළින් සාමූහික තිරසර සංවර්ධනයක් ළඟාකර ගැනීමට හැකි‍යි – තාරක බාලසූරිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස, ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ආසියා සහයෝගීතා සංවාදයේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 19 වන රැස්වීමට එක්වුණ අතර, ඉරාන ඉස්ලාමීය ජන රජයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අලි බගෙරි මහතා අමාත්‍යවරුන්ගේ 19 වන රැස්වීමේ ආරම්භය සනිටුහන් කළ බව සඳහන් වේ. මීට එක්වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියාසිටියේ වෙළෙඳ සබඳතා ආයෝජන අවස්ථා හා ආර්ථික ඒකාබද්ධතාව ඉහළ නැංවීමට සාමාජික රටවල් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියාසිටියේ, එක් එක් ජාතියේ ශක්තීන් හා සම්පත් උපයෝගී කර ගැනීමෙන් ආසියානු සහයෝගීතා සංවාදය තුළින් සාමූහික තිරසර සංවර්ධනයක් ළඟාකර ගැනීමට හැකි බවයි.

නිදහස් වෙළෙඳ ගිවිසුම් හා කලාපීය ආර්ථික හවුල්කාරීත්වය ඇති කිරීමෙන් වඩාත් සමෘද්ධිමත් ආසියාවකට මගපෑදෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විදේශ කටයුතු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...