රුසියාවේ හිටපු ආරක්ෂක ඇමති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත්කර ඇති බව සඳහන් වේ.

රුසියාව යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනු යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් පවසති.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරන්නේ, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2023 වසරේ මාර්තු මාසය දක්වා යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් මියයාමට ඔවුන් දෙදෙනා වගකිව යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය සමයේ තරුණයින්...

ටේප් ෆිනිෂ් මැරතන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී...

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...