රුසියාවේ හිටපු ආරක්ෂක ඇමති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත්කර ඇති බව සඳහන් වේ.

රුසියාව යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනු යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් පවසති.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරන්නේ, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2023 වසරේ මාර්තු මාසය දක්වා යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් මියයාමට ඔවුන් දෙදෙනා වගකිව යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...