‘අපේ නායකයෝ ඉන්නේ ජනතාව අතරේ, ඔබේ නායකයෝ ඉන්නේ එප්ස්ටයින්ගේ දුපතේ’; ඉරානය ඇමරිකාවට සැරට අමතයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ නව උත්තරීතර නායකයා වන මොජ්තාබා කමේනි ඇමරිකා හා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බවත්, ඇමරිකාව ඉරානයේ ඉලක්ක 10,000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර දියත් කළ බව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පීටර් හෙස්ගේත් විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ඉරාන ඉහළ පෙළේ දේශපාලනඥයෙකු වන අලි ලාරිජානි විසින් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා වෙත එල්ල කරන ලද දැඩි විවේචනයක් මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

ඉරාන නායකයන් සැඟවී සිටින බවට ඇමරිකානු පාර්ශවයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් ලාරිජානි ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන නායකයන් සැමවිටම තම ජනතාව අතර විවෘතව රැඳී සිටින බවයි. එනම්, “අපේ නායකයෝ ජනතාව මැද ඉන්නවා, නමුත් ඔබේ නායකයෝ ඉන්නේ කොහේද? ඔවුන් ඉන්නේ එප්ස්ටයින්ගේ දූපතේ (Epstein’s Island),” යනුවෙන් පවසමින් ඔහු බටහිර දේශපාලන ප්‍රභූන් සම්බන්ධ ලිංගික අපරාධ චෝදනා සහ කුප්‍රකට ජෙෆ්රි එප්ස්ටයින් සිද්ධිය සිහිපත් කරමින් ඇමරිකාව දැඩි අපහසුතාවයට පත් කර ඇත.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් ජනතාව හමුවේ පෙනී සිටින අවස්ථාවන් පෙන්වා දෙමින් ලාරිජානි වැඩිදුරටත් සඳහන් කළේ, බියගුලු ලෙස සැඟවී සිටින්නේ කවුරුන්ද යන්න ලෝකයම දන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...