පුහුණු තරගයෙන් එංගලන්තයට එරෙහිව ලාංකේය ගැටව් ජය ලබති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් කඩුලු 4 ක් ජයක් අත් කර ගන්නට අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.මෙහිදී කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ලයන් යොවුන් ක්‍රිකට් කණ්ඩායම පන්දු ඕවර් 48.1 දී සියල්ල දැවී ලකුණු 281 ක් රැස් කරන්නට සමත් වුණා.
එංගලන්ත කන්ඩායම වෙනුවෙන් බීජේ ඩොව්කින්ස් ලකුණු 93 ක් රැස් කරන්නට සමත් වූ අතර තෝමස් රෙව් ලකුණු 60 න් එංගලන්ත ඉණිමට දායක වුණා.පන්දු යැවීමේ දී කැපී පෙණුන දස්කම් දැක් වූ ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරන ප්‍රවීන් මතීශ සිය දකුණත් වමත් දඟ පන්දුවෙන් ලකුණු 48 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.ලුම්බිණියම නියෝජනය කරන සිය දකුණත් මද වේග පන්දුවෙන් ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණුනා.


පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹූ මහනුවර ධර්මරාජය නියෝජනය කරන පුලිඳු පෙරේරා ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කරමින් ලකුණු 107 ක් රැස් කරේ පන්දු 85 ක් පමණක් වැය කරමින් වීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ අඩිතාලම වුණා.මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ තිසර ඒකනායක (31) සමඟ පළමු කඩුල්ලට ලකුණු 102 ක් රැස් කළ පුළිඳු,දෙවන කඩුල්ල සඳහා කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී සිටින ගයාන් වීරසිංහ (42) සමඟ ලකුණු 75 ක සබඳතාවයක් ගොඩ නඟන්නට දායක වුණා.පුළිඳු ලකුණු පූවරුව 200 වන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් ගොඩ නැඟූ ඉණිම ජයග්‍රහණය කරා රැඟෙන යාමට දායක වූයේ ගාල්ල මහින්දයෙන් පැමිණ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙන දිනුර කළුපහනයි.


ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විශ්වසනීය සහ ආක්‍රමණික ප්‍රහාරයන් හමුවේ ශ්‍රී ලංකා ඉණිම 42 ඕවරයේ අවසාන පන්දුවේදී කඩුලු 6 ට ලකුණු 282 ක් බවට පත් වුණා.පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුවයි.
https://es.pn/45EiTz5
ඡායාරූපයේ දැක්වෙන්නේ ශතකලාභි පුළිඳු පෙරේරායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...