යුපුන්ට පාදය රුපුන් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් නියෝජනය බලාපොරොත්තුවෙන් ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ 102 වන ජාතික මලල ක්‍රිඩා සූරතාවලියේ දී අමතරව හිමිවන ලකුණු 100 ත් සමඟ හොඳ කාලයක් වාර්තා කරන්නට බලාපොරොත්තු වූ යුපුන් අබේකෝන්ට මීටර් 30 ක දී පමණ ඉසව්ව අත හැර දැමීමට සිඳු වෙනවා.ඒ පාදයේ කලවා ප්‍රදේශයේ මතුව ආ ආබාධයක් නිසයි.


මේ නිසා බොහෝ විට යුපුන් ට මෙවර ඔලිම්පික් උළෙල අහිමි වන්නට ඉඩ තිබෙනවා.එහෙත් යුපුන් මේ දක්වා ශ්‍රී ලංකාවට දිනා දුන් කීර්තිය වගේම ශ්‍රී ලංකාව නොදන්නා ලෝකයේ බොහෝ දෙනෙකුට ලෝක සිතියමේ ශ්‍රී ලංකාව සොයා බලන්නට හැඟීමක් ඇති කරන්නට සමත් වූ ශ්‍රේෂ්ඨයෙකු ලෙස ඉතිහාසයේ හැමදාම ඔහුගේ නම රැදී තිබෙනවා.දකුණු ආසියාතික රටක පළමු වරට තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 දිවූ ක්‍රීඩකයා ලෙස ඔහුගේ නම සදකාල් හී රැඳී තිබෙනවා.


අද යුපුන් සහභාගි වූ මූලික තරගය ජය ගන්නට සමත් වුණේ දෙනෙත් ඉඳුවර වීරරත්නයි.ඔහු වාර්තා කළ කාලය තත්පර 10.65 ක් ලෙස සටහන් වුණා.ඒ වගේම ඊට පෙර පැවති මූලික තරග දෙකේදී (අවසන් පූර්ව) චමත් යෝධසිංහ තත්පර 10.46 ක් ද,මෙරොන් විජේසිංහ තත්පර 10.52 ක් ද වාර්තා කරන්නට සමත් වීම කැපි පෙණුනා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...