බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට කොමිසමේ අනුමැතිය. බස් සංගම්වල දැඩි විරෝධය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි 01 වනදාට සිදුකෙරෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ය.

ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම බස් ගාස්තු සංශෝධනයට බස් සංගම් සිය විරෝධය පළකර තිබිණි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවත් බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...