ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

Date:

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන බලවේගය ඊයේ (25) සමත් විය.

ඒ අනුව, ඊයේ පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ සනත් ජීවානන්ද ඡන්ද 12ක් ලබා ගනිමින් සභාපති ධුරයට පත්වූ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට ලබාගත හැකිවූයේ ඡන්ද 11ක් පමණි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොලැබුණු කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලේම බලය තමන් සතුකර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් පුන පුනා ප්‍රකාශ කර තිබිණි. කෝටිපති ව්‍යාපාරිකයකු වන ජගත් සිය මුදල් බලය යොදවා හෝ මේ අරමුණ ඉටුකරගනු ඇති බව බොහෝ දෙනා සිතූහ. එහෙත් අවසානයේ සිදුවුණේ වෙනත් දෙයකි.

මේ ආකාරයෙන් බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල බහුතරය ගැනීමේ මෙහෙයුමට මුලින්ම මාලිමාවේ පාර්ශ්වයෙන් අවතීර්ණ වූයේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ය. ඔහු ඒ මෙහෙයුමට බසිද්දී මාලිමාවේම ඇතැමුන් පවා ඔහුව දැඩි ලෙස විවේචනයට ලක්කරනු දක්නට ලැබිණි.

කෙසේවෙතත් අද වනවිට වටගල න්‍යාය සාර්ථකව ඉදිරියට යමින් තිබේ. කොළඹ මහ නගර සභාව පමණක් නොව කළුතර දිස්ත්‍රික්කය තුළ මාලිමාව ලබමින් සිටින පළාත් පාලන ආයතන ජයග්‍රහණයන් පසුපසත් සිටින්නේ වටගලම බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...