කෙන්යාවේ රජයට එරෙහිව තරුණයන් විසි බසියි; අට දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ රජයට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතා සංවත්සර සැමරුම සඳහා පැමිණි තරුණ පිරිස රාජ්‍ය හමුදා මර්ධනය කිරීම හේතුවෙන් අට දෙනෙකු වෙඩි වැඩි මියගොස් ඇති අතර 83 දෙනෙකු බරපතර තුවාල ලබා තිබේ.

2024 වසරේ රජය විසින් බදු වැඩිකිරීම සඳහා ගෙන එන ලද මතභේදාත්මක පනතක් හේතුවෙන් නයිරෝබි අගනුවර, මොම්බාසා වෙරළබඩ නගරය සහ අනෙකුත් නගරවල දහස් ගණනක් ජනයා පෙළගැසීම විරෝධතාවයන් මුලින්ම ඇති වූ අතර රජයේ මර්ධනය හේතුවෙන් 400ක් පමණ තුවාල ලැබූ අතර රට තුළ පැවති විරෝධතාවයන් හේතුවෙන් රජයට පනත අකුලා ගැනීමට සිදු විය.

ඊයේ(25) ආරම්භ වූ තරුණයින් විසින් මෙහෙයවන ලද පාගමනේ විරෝධතා සජීවීව විකාශනය කිරීම නවත්වන ලෙස රජයේ නියාමකයා වන කෙන්යාවේ සන්නිවේදන අධිකාරිය රටේ සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානවලට නියෝග කර තිබුණු අතර පෙළපාලි මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජාල තුවක්කු භාවිතා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...