ජනවාර්ගික ගැටලුවට උඩින් පැනීම!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:අන් කවරදාකටත් වඩා සුළු ජාතික ගැටලුව පිළිබඳව දකුණේ සමාජය අසංවේදීයැයි කිවහොත් එහි පූර්ණ හෝ අර්ධ සත්‍යයක් ඇතැයි සිතමි.දෙමළ හා මුස්ලිම් සමාජයද වෙනදා තරම් මෙම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරනු දක්නට නැත. එහි තේරුම සුළු ජාතික ප්‍රජාව මුහුුණ දී සිටි වාර්ගික ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් මේ ආණ්ඩු වෙන් ලැබීමද? නැත්නම් එවැනි විශ්වාසයක් ඇති වීමද?නැත්නම් ඒ දෙකම නොවන වෙනත් හේතුවක්ද?

ජන වාර්ගික ගැටලුවට අබමල් රේණුවක තරම් විසඳුමක් හෝ ඊට අනුබල ක්‍රියාපටිපාටියක් මේ ආණ්ඩුව තවම ක්‍රියාත්මක කර නැත. එසේ කරන පාටක්ද නැත. තවම සිදු කරනුයේ ආණ්ඩුවේ නායකයන් උතුරට ගිය විට ආකර්ෂණීය කතා පැවැත් වීම පමණි. දකුණේ ආණ්ඩුවට ඇති ඉහළ ජනප්‍රියත්වය නිසා ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන්ද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා සිටින තත්ත්වයට පත්ව ඇති බවක්ද පෙනේ. එමෙන්ම මෙවැනි ප්‍රශ්න පිළිබඳව කවදත් අවදියෙන් සිටින හා සෑහෙන වැඩ කොටසක් කළ ස්වෙච්ඡා සංවිධාන ද වර්තමාන ලෝක තත්ත්වය යටතේ කිසියම් පසු බෑමකට ලක්ව ඇති පසුබිමක් තුළ ඒවායින් ලැබෙන අනුබලයද නිශ්ක්‍රීය වෙමින් පවතින බවක් දක්නට ඇත. කෙසේ වුවත් මාලිමාව පරණ ජනතා විමුක්ති පෙරමුණේ ජනවාර්ගික ගැටලුව පිළිබඳව පැවති පසුගාමී මතවාදය කරා පල්ලම් බසීවිද යන සැකයක් මා තුළ නම් මෝදු වෙමින් පවතී.

මා එම නිගමනයට ආවේ ජනාධිපති අනුර දිසානායක පසුගිය කාලයේ යාපනයේ කළ සංචාරවලදී දැක්වූ අදහස් පාදක කොට ගෙනය. මේ පිළිබඳව නිරීක්ෂණාත්මක විචාරයක් මහාචාර්ය ජයදේව උයන්ගොඩ ” අනිද්දා ” පුවත් පතට සපයා තිබුණු අතර එතුමා දක්වා තිබුණු ඇතැම් කරුණු මගේ අදහස් වලට සමපාත වන නිසා එම කරුණු ද මෙම සටහනට ඇතුළත් කළෙමි.

ජනාධිපති වරයා නැවත වරක් යාපනයේදී ඉදිරිපත් කර ඇත්තේ සාම්ප්‍රදායිකව ජාතික ගැටලුව වශයෙන් හඳුන්වන දේශපාලන ප්‍රශ්නයට ජනවාර්ගික නොවන විකල්ප විසඳුමක් සඳහා ජාතික ජන බලවේගයේ දැක්මයි. මෙහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සාම්ප්‍රදායික ප්‍රවේශයේ දෝෂය ලෙස දක්වා ඇත්තේ එම ප්‍රවේශය තුළ ලංකාවේ ජනතාව වාර්ගික අනන්‍යතාව මත බෙදා වෙන් කිරීමට පදනම වැටී ඇති බවයි.

ජාතික සමගිය සඳහා වාර්ගික අනන්‍යතා දේශපාලනය ඉක්මවූ පොදු බැඳීමක් ජනාධිපතිවරයා යෝජනා කරයි. නමුත් මේ බැඳීම කුමක්ද යන්න හෙතෙම අවධාරණය කරන්නේ නැත. කොටින්ම ජනාධිපතිවරයා සිය කතාවේදී ඉඟිකර ඇත්තේ උතුර හා දකුණේ ජනතාවට පොදු ප්‍රශ්න ඇති බව හා ඊට විසඳුම් ඉදිරිපත් කළ යුතු බවය.

මා නම් මෙය දකින්නේ අතීත ජවිපෙ මතය විදග්ධ අයිසිං තවරා ඉදිරිපත් කිරීමක් ලෙසය. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් නැතැයි යන්නට සමාන අදහසකි මේ තුළ ගැබ්ව ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා...

මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්ම වෙන්නේ ඇමරිකානු බළල් අතක් – කුමාර් ගුණරත්නම්

මැදපෙරදිග අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි දේශපාලනය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී...