ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW:

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ රන් ලේබලය යටතේ ඔස්ට්‍රාවා හී පැවති මලල ක්‍රීඩා සූරතාවලියකදී ඔස්ට්‍රේලියාවේ ගෝට් ගෝට් එවැනි පන්නයේ ඉහළ මට්ටමේ තරගකාරී ඉසව්වක ලද පළමු ජය වාර්තා කරන්නට සමත් වුණා.ඔහු එහිදී තත්පර 20.02 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.ගෝට් වාර්තා කළ එම කාලය ඔස්ට්‍රාවා තරග උළෙලේ ජයග්‍රහණය වගේම ඔස්ට්‍රේලියානු පිරිමි මීටර් 200 වාර්තාවත් ඔහු නමට ලියා දෙන්නට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග වඳින ගෝට් ගෝට් මේ වන විට ලෝකයේම අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්.කෙටි දුර ධාවන සූරයෙකු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික වාර්තා වෙනස් කරමින් කැපී පෙණෙන ගෝට් ට තයම අවුරුදු 17 ක් පමණයි.ඒ නිසා බොහෝ දෙනෙක් මේ කෙටි දුර ධාවන සූරයාව ඊ ළඟ උසෙයින් බෝල්ට් ලෙසත් හඳුන්වනවා.
අප එතරම්ම දුර නොගියත් බෝල්ට්ලාගේ වේග පරම්පරාවේ අනාගතය භාර ගන්නට සිටින විශිෂ්ඨම තරගකරුවෙක් ලෙස ගෝට්ව දකිනවා.ඒ නිසා ගෝට් ඔස්ට්‍රාවා හී දී ලද ජය ඒ විශිෂ්ඨ ගමනේ අති විශිෂ්ඨ සළකුණක් ලෙස හඳුන්වනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...