ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW:

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ රන් ලේබලය යටතේ ඔස්ට්‍රාවා හී පැවති මලල ක්‍රීඩා සූරතාවලියකදී ඔස්ට්‍රේලියාවේ ගෝට් ගෝට් එවැනි පන්නයේ ඉහළ මට්ටමේ තරගකාරී ඉසව්වක ලද පළමු ජය වාර්තා කරන්නට සමත් වුණා.ඔහු එහිදී තත්පර 20.02 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.ගෝට් වාර්තා කළ එම කාලය ඔස්ට්‍රාවා තරග උළෙලේ ජයග්‍රහණය වගේම ඔස්ට්‍රේලියානු පිරිමි මීටර් 200 වාර්තාවත් ඔහු නමට ලියා දෙන්නට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග වඳින ගෝට් ගෝට් මේ වන විට ලෝකයේම අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්.කෙටි දුර ධාවන සූරයෙකු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික වාර්තා වෙනස් කරමින් කැපී පෙණෙන ගෝට් ට තයම අවුරුදු 17 ක් පමණයි.ඒ නිසා බොහෝ දෙනෙක් මේ කෙටි දුර ධාවන සූරයාව ඊ ළඟ උසෙයින් බෝල්ට් ලෙසත් හඳුන්වනවා.
අප එතරම්ම දුර නොගියත් බෝල්ට්ලාගේ වේග පරම්පරාවේ අනාගතය භාර ගන්නට සිටින විශිෂ්ඨම තරගකරුවෙක් ලෙස ගෝට්ව දකිනවා.ඒ නිසා ගෝට් ඔස්ට්‍රාවා හී දී ලද ජය ඒ විශිෂ්ඨ ගමනේ අති විශිෂ්ඨ සළකුණක් ලෙස හඳුන්වනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...