හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් තියානුකූල රාමුවක් තුළ මතුවදුර මැඩලීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, හදිසි නමුත් නමුත් හදිසි වී අතපුච්චා නොගන්නා බවද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

“මේක ආණ්ඩුවට යටින් යන බිස්නස් එකක්. කළු ව්‍යාපාරයක්. ඒ කළු ව්‍යාපාරය ගැන මුලික පුරෝකථනයක් තිබුණා. ඊට පස්සේ අපේ ආණ්ඩුව යටතේ මේ තත්ත්වයන් පාලනයට ආවේ…වෙනත් ආණ්ඩු ගත්තට පස්සේ මේ සප්ලයි චේන් එකෙන් යැපුණා. මේක කඩන එකට අපි අත ගහලා තියෙනවා. ඒකෙන් පළමු එක මේකේ හිටියේ දියවන්නාව. යම් පිරිසක් යැපුණෙම ඒකෙන්. අපි පියවරක් ගත්තා. ඒක තමයි බුද්ධි අංශ වාර්තා කියවනකොට, ඇතැම් පුද්ගලයින්ගේ වත්කම් වැඩිවෙලා තියෙනවා. ඇහැට පේන ව්‍යාපාරය ඇතුළේ නෙමෙයි විශාල ඉන්කම් එකක් එනවා. සමහර ව්‍යාපාර කටයුතුවල කස්ටම්බේස් නෑ. නමුත් පවත්වාගෙන යනවා. අපි අතගැහුවා අලුත් දේකට මේ නීතිවිරෝධී වත්කම් පිටුපස සප්ලයි චේන් එකේ කොටසක් තියෙනවා ද කියලා. දැන් ඒ වැඩේ කරනවා. ඒ ආයතන ස්වාධීන කරලා තියෙන්නේ. අපි මෙතැනින් එක ටර්න් එකක් ගන්න බැලුවේ. මේක පිටුපස ඉන්න පිරිස හඳුනා ගනිමින් ඉන්නවා. ඒ නිසා වත්කම්වලට අතගහන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක් කරගෙන යනවා,

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමා, එක එක්කෙනා කියනවාට නෙමෙයි අපි වැඩක් හදාගෙන තියෙනවා ඒ නීතියානුකූල රාමුව ඇතුළේ. ඒ රාමුව ඇතුළේ කරන වැඩපිළිවෙල තමා අපි මේ ප්‍රොමෝට් කරගෙන යන්නේ. හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ. අපිට පොඩි අවස්ථාවක් තව ඉස්සරහට යන්න දෙන්න. මේ මාස 6 ඇතුළේ ඡන්ද 3ක් කරලා හැමදෙයක්ම කරන්න සිදුවුණා. නමුත් දැන් තමා ආණ්ඩුව විදියට වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා අපිට යෝජනා කරන්න නීතිවිරෝධී ක්‍රමවලින් මේක මර්දනය කරන්න කියලා. අපි ආණ්ඩුව විදියට ඒක ගන්නේ නෑ. නමුත් ආණ්ඩුවට දැක්මක් සහ විෂන් එකක් තියෙනවා මේ කාරණයට අදාළව. දැඩි ලෙස ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි දෙවැනි තැනට මත්ද්‍රව්‍ය ඇවිත් තියෙනවා. පුරවැසියාට කියන්නේ පොඩ්ඩක් ඉවසන්න අපි මේ වැඩේ ආණ්ඩුව විදියට අත ගහලා කරගෙන යනවා.” ලෙස මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...