හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ලේකම්වරයා ප්‍රකාශයක් ලබාදීමට අද (26) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අතර ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රජයේ රෝහල්වෙත බෙදාහැරීමේ සිද්ධියට අදාළව ඔහුටද චෝදනා එල්ල වී තිබෙන අතර අද දින එම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදී.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එලෙස අධි චෝදනා ගොණු කර තිබෙන අතර එම පිරිස අතර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...