චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා සාමකාමී විරෝධතාව පසුගිය 23,24 සහ 25 යන දින තුනේදී යාපනය චෙම්මනි ප්‍රදේශයට ආසන්නව යාපනය පිවිසුම අසල පැවැත්විය.

පසුගිය දශක ගණනාවක් පුරා දෙමළ ජනතාවට සම්බන්ධයෙන් සිදුවූ නොසලකා හරිම අනුව මෙම චෙම්මනි සමූහ මිනීවලට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණ ව්‍යුහයක් විරෝධතාකරුවන් විසින් ඉල්ලා සිටින ලදී.

‘නොමැකෙන දීප්තිය’ යන මැයෙන් නීතිඥ වෛෂ්ණවි ෂන්මුගනාදන් මහත්මියගේ නායකත්වයෙන් යුත් ජනතා ක්‍රියාකාරී ව්‍යාපාරය විසින් මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරනු ලැබීය.

විශේෂයෙන් දිවයිනට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ඊයේ (25) දින යාපනයේ සංචාරයකට එක්ව සිටි අතර ඔහු චෙම්මනි සමූහ මිනීවල තිබෙන ස්ථානයටද ගොස් තිබුණි.

ඒ අනුව මෙරට, විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සම්බන්ධයෙන් වූ මානව හිමිකම් සුරක්ෂා කිරීමේ ප්‍රවේශය පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට බලපෑමක් මෙම විරෝධය හරහා සිදුකිරීමටද විරෝධතාකරුවන් බලාපොරොත්තු වී තිබුණි.

මෙම සාමකාමී විරෝධය ඉතා ආකර්ශනිය සහ අවධානය දිනාගන්නා සුළු වූයේ එම විරෝධයට එක්කර තිබුණු කලා නිර්මාණ හේතුවෙනි.

චෙම්මනි හි සොයා ගන්නා ලද සමූහ මිනී වලවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංවේදී කලා කෘති සහ නිර්මාණ මාලාවක් එම විරෝධතාවයට එක්කර තිබුණේ හදවත් සසල වන අන්දමටය.

එම නිර්මාණ ඉදිරිපත් කර තිබුණේ යුද්ධයේදී සහ ඉන්පසුව බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයින්ගේ දරුවන් අතින් වීම විශේෂත්වයකි.

දීර්ඝ කාලයක් තිස්සේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සෙසු ඥාතීන් විසින් ඉල්ලා සිටින යුක්තිය මෙම විරෝධතාවේදී ද ප්‍රදර්ශනය කර තිබුණු අතර වින්දිතයෝ එම විරෝධතාවට එක්ව සිටියහ.

ආගමික නායකයින්, දේශපාලන නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ද ඊට එක්ව සිටියහ.

විරෝධතාකරුවන් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ආරක්ෂා කරන ෆෙඩරල් පාලන ක්‍රමයක පොරොන්දුව ඉටුවනතුරු තවදුරටත් බලාපොරොත්තුසහගතව සිටින බවයි.

පසුගිය පෙබරවාරි 20 වන දින නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයින් ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීමේදී මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව සමූහ මිනීවළ සොයා ගන්නා ලදී.

ඉන්පසුව, අධිකරණ නියෝගයක් අනුව මැයි 15 වන දින යාපනයේ චෙම්මනි හි සිටුපත්තුවේ කැණීම් කටයුතු ආරම්භ කළේය.

යාපනය පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්ද රාජා කැණීම් සිදු කිරීමට නියෝග කර තිබුණි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම කටයුතු සිදු කරනු ලබන අතර පසුගිය ජුනි 08 වන දින වන විට එම ස්ථානයේ මිනිස් ඇටසැකිලි 19 ක් හමු වී තිබුණි. ඒ අතර කුඩා බිළිදු ඇටසැකිලිද සොයා ගැනීමට හැකිව තිබුණු බවයි වාර්තා වූයේ.

එම කැණීම්වල ඉදිරි කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...