ශ්‍රී ලංකාව සහභාගි වූ 96 ලෝක කුසලාන තරග පිටිය සම්බන්ධ ගැටළුව වසර 29 ට පසු විසඳෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW:

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනා ගැනීම ගැන අදත් ඒ මොහොත ගැන අධ්‍යයනය කරන අයෙකුට සුවිශේෂී වැඩක් බව නිසැකය.ඒ ශ්‍රී ලංකාවට කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කරන තැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඇතැම් රටවල් විශ්වාස නොකළ නිසාය.ඊට අමතරව ඔස්ට්‍රේලියානුවන් හිතා මතාම මුරලිදරන්ට චෝදනා කරමින් ශ්‍රී ලංකාව වෙත ගොඩ නඟා තිබුණ පීඩනයය.මේ සියලු තත්ත්වයන් නිසා අවසන් තරගයේදී එස්ට්‍රේලියාව පරාජය කිරීමම ඉතිහාසය පිළිවෙලට කියවා ගනිද්දී ඒ කුසලානය කෙතරම් කුසලාන දිනුවත් වැඩිම වටිනාකමෙන් අද්වීතීය ය.


සනත් වටිනාම ක්‍රීඩකයා වීම,අරවින්ද ගේ අවසන් තරග ඉණිම වගේම අපට අමතක නොවන තරගය වන්නේ ඉන්දියාවට එරෙහිව කල්කටා ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරගයේදී ලැබූ ජයය.එය ඇත්තටම තරග තීරක ක්ලයිව් ලොයිඩ් විසින් පිරිනැමූ ජයක්ය.එහෙත් ඒ මොහොත වන විට තිබුණේ ලංකාව නිසැකවම ජයගන්නා තත්ත්වයකය.එම තරගයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද ක්‍රීඩා කළ ඉණිමත්,ඉතා අපහසු තත්ත්වයක් මැද ආබාධය නොසළකා රොෂාන් මහානාම දියත් කළ ඉණිමත් මේ කුසලානය දක්වා ගමනේ සාඩම්බර හේතු පාඨ ලෙස ගත හැකිය.


මේ අවසාන පූර්ව තරගයත්,ක්‍රිඩාංගණයේ පැවත් වූ තරග ගැනත් එම තරගය ගැන අප කතා අවසන් කර තවම එහි මතක ගැන කතා කළත් ඒ සම්බන්ධයෙන් කල්කටා නගර පරිපාලනය සහ ක්‍රිඩාංගණ පරිපාලනය අතර තිබුණ ගැටළුව අධිකරණයෙන් අභියාචනාධිකරණයට ගොස් නිමාවට පත් වුණේ මීට දින කිහිපයකට ඉහතදීය.
දින තුනක කාලයකදී ගෙවන ලෙස ලක්ෂ 51 ක මුදලක් කල්කටා නගර පරිපාලනය ක්‍රීඩාංගණ පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ වානිජ බදු හැටියටය.එහිදී වැඩි අවධානයක් යොමු කළේ සිය නගර සීමාවේ පිහිටුවා ඇති ක්‍රීඩා බිමේ දී වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමය.


ශ්‍රී ලංකාවට ඉන්දියාව පරාජයවීමටත් වඩා අවමානයක් ප්‍රේක්ෂකයන් එක් කළ තරගයක් සහ එම හැසිරීම නිසා වූ විශාල අලාභයක් සමග සිට කල්කටා ක්‍රීඩාංගණ බලධාරීන්ට මේ බදු ගැසීම ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නටත් එහා ගිය තත්ත්වයක් විය.එහෙත් ඔවුන් කළබල නොවී ඉතා සංයමයෙන් මෙන්ම වේගයෙන් කටයුතු කරමින් අධිකරණයට කරුණු දක්වා සිටියේ තමන් බඳු ගෙවීමට බැදී නැති බවය.


දීර්ඝ කාලයක් ඇදි ඇදී ගිය මෙම නඩුව සම්බන්ධයෙන් අවසානයේ අභියාචනාධිකරණයේ දී විසඳුණ නඩුවෙන් කල්කටා ක්‍රිකට් පරිපාලනය ජය ගන්නවා.මෙහිදී ඔවුන්ට එල්ල වූ බඳු ගෙවීමට එරෙහිව ඉදිරිපත් කරන ලද තර්ක මෙන්ම අධිකරණය එම තීන්දුව දෙමින් ප්‍රකාශ කළ කරුණුද වැදගත් වෙනවා.


එහිදී අධිකරණය පෙන්වා දී ඇත්තේ එය පොදු මහජන ප්‍රදර්ශනයක් නොවන බවය.ප්‍රවේශ පත්‍ර හරහා ඇතුළත් කර ගැනීමෙන්ම එයට සියලු දෙනාට හෝ කැමති ඕනෑම අයෙකුට ඇතුළත්විය හැකිය යන විවෘතභාවය සීමා වී තිබෙන බව අධිකරණය පෙන්වා දී ඇත.එසේම කල්කටා නගර පරිපාලනය කියනාකාරයට එහි ප්‍රදර්ශනය වන වෙළඳ පූවරු ආදියද අර සීමාසහිත පිරිසට පමණක් ප්‍රදර්ශනය වෙන ඒවා මිස ක්‍රීඩාංගණයෙන් පිටත විවෘතව සියලු මහජනතාව වෙනුවෙන් නැරඹිය නොහැකි බවට කල්කටා ක්‍රිකට් පරිපාලනය ගෙණෙන තර්කයද එයින් ඔප්පු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...