*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සමස්ත ලෝකයම මව්බිමට සමීප කරවන බවර් සමාගම

‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් සමාගම මේ මොහොතේ තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වෙමින්, අන් කවරදාටත් වඩා සවිමත්ව පෙරටම ගමන් කරමින් සිටියි.

කෘෂිකාර්මික යුගය, කර්මාන්ත යුගය සහ දැනුම් යුගය යන සෑම කාලපරිච්ඡේදයකදීම මෙන්ම, ගෙවුණු දශක බොහෝමයකදී දක්නට ලැබුණු විවිධ බාධක අභියෝග හමුවේ පවා බවර් සමාගම අඛණ්ඩව රටේ තිරසර වර්ධනය වෙනුවෙන් දායක වී තිබීම කැපීපෙනෙයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කෙන්ද්‍ර කරගත් මව් සමාගම වන Alfred et Eugénie Baurs හි හිමිකාරීත්වය නිසාවෙන්ම ස්විස් සම්ප්‍රදායන් රැසක් කැටිකරගත් නමුදු බවර් සමාගම යනු සැබවින්ම ශ්‍රී ලාංකික ආයතනික පුරවැසියෙකි.

නවෝත්පාදන සහ සාර්ථකත්වය සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට ද බවර් සමාගම සමත්වී තිබේ. සමස්ත දකුණු ආසියාවේම වඩාත් දියුණු සහ අධි තාක්ෂණික පොහොර මිශ්‍රකිරීමේ කර්මාන්තශාලාවක් සමාගම සතු ය. එම කර්මාන්තශාලාව තුළ භාවිත කෙරෙන යන්ත්‍ර සූත්‍ර පවා අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද උසස්ම තත්ත්වයේ යන්ත්‍ර සූත්‍ර වේ.

වර්ෂ 2018දී මෙරට කෘෂිකර්මාන්තයට සේනා දළඹු උවදුර නිසා දැඩි බලපෑමක් එල්ල වූ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ බවර් සමාගම එම උවදුර මැඬපැවැත්වීමට පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, වසර දෙකක් ඇතුළත සේනා දළඹුවන් මර්දනය සඳහා ජීව පලිබෝධනාශකයක් හඳුන්වාදෙමින් එම උවදුර අවසන් කිරීමටත් පෙරමුණ ගත්තේය.

2021 වසරේදී ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම් කිරීමට තීරණය කළ මොහොතේ කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ ගෝලීය විද්වතුන් ගෙන්වමින් ඔවුන්ගේ දැනුම මෙරටට ලබාගැනීමට බවර් සමාගම වහාම ක්‍රියාත්මක විය. එතැන් පටන් විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව ක්‍රියාකළ බවර් සමාගම වඩාත් හරිත ආර්ථිකයක් වෙනුවෙන් තම කැපවීම ප්‍රකට කර තිබේ. ප්‍රමුඛතම පර්යේෂණ ආයතන සහ විද්වතුන් සමඟ එක්ව තිරසර කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් පිහිටුවීමට සමාගම පියවර ගැනීම ද එහි එක් සන්ධිස්ථානයකි.
බවර් රසායනාගාර සේවා අංශය ද මෑත කාලයේදී කාබනික පොහොර සඳහා ISO සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ හරහා තිරසාර කෘෂි භාවිතාවන් දිරිමත් කිරීම, බෝග අස්වනු වර්ධනය, ජනතාවට සෞඛ්‍යසම්පන්න ආහාර පිළිගැන්වීම මෙන්ම ගොවීන්ට සහ සමාජයට බලපෑ හැකි අයහපත් පාරිසරික බලපෑම් වළක්වාගැනීම ආදී අංශ රැසක් ඔස්සේ පුළුල් දායකත්වයක් සැලසීමට බවර් සමාගමට හැකිවී ඇත.

මේ අතර ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා ආයතන මෙරටින් සිය සේවා ඉවත්කරගැනීමේදී, එම සේවා පැවරීම සඳහා සුදුසු දේශීය සමාගමක් පිරික්සීමේදී එහි පළමු තේරීම බවට ද බවර් සමාගම පත්ව තිබීම මෑතකාලීනව නිරීක්ෂණය කළ හැකිය. මෙරට සිටින ඉදිරිපෙළ ආනයනකරුවෙකු මෙන්ම, විස්තීර්ණ සැපයුම් ජාලයක් සහ martech හැකියාවෙන් යුතු විශාල බෙදාහැරීම් ජාලයක් ද බවර් සමාගම සතු අතර, පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ඖෂධ සහ එන්නත් අඛණ්ඩව සැපයීම සඳහා බවර් සමාගම කැපවී ක්‍රියාකළේය. ඊට හොඳම නිදසුන් වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Sanofi සහ GSK සමාගම්වල එකම බෙදාහැරීම් නියෝජිත ලෙස බවර් සමාගම පත්කරනු ලැබීම ය. ඊට අමතරව, Novartis, Roche, Merck, MSD, Takeda සහ Eisai ආදී තවත් ජාත්‍යන්තර ඖෂධ සමාගම් රැසක් බවර් සමාගමේ හැකියාව පිළිබඳ තම විශ්වාසය තබා තිබේ.

දශක ගණනාවක් ඇතුළත ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම බුද්ධි ගලන අවස්ථාවේදී බවර් සමාගම සිය ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (SHMA) මගින් ගෝලීය මට්ටමේ ආධුනිකත්ව පුහුණු ඉගෙනුම් මාදිලියක් හඳුන්වාදීමට ද පෙරමුණ ගත්තේය. එය ලොව විශිෂ්ටතම සංචාරක සේවා කළමනාකරණ සරසවිය ලෙස සැළකෙන ස්විට්සර්ලන්තයේ Ecole hôtelière de Lausanne හි EHL සංචාරක සේවා ව්‍යාපාර පාසල මගින් පිරිනැමෙන ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවකි.

කොවිඩ් වසංගතයත් සමඟ මෙරට ග්‍රාමීය ප්‍රදේශ තුළ ආර්ථික අපහසුතා මතුවෙමින් පවතින අවස්ථාවේදී බවර් සමාගම, ස්විස් සංවර්ධන හා සහයෝගීතා ආයතනය (SDC) සමඟ එක්ව දියත් කළ Skills for Sustainable Growth ව්‍යාපෘතිය හරහා වසර තුනක කාලයක් තුළ කාන්තා පිරිමි පුහුණු ශ්‍රමිකයින් 2,240ක් බිහිකිරීමට හැකිවී තිබේ. සත්කාර සේවා කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ද පියවර ගැනීම ද එම ව්‍යාපෘතියේ දක්නට ලැබුණු විශේෂත්වයකි.

මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහාය දක්වන බවර් සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ නෙස්ලේ ලංකා ආයතනය සමඟ ද මෑතකදී සහයෝගීතාවන්ට එළඹුණි. ඊට සමගාමීව Edelweiss සමඟ බවර් සමාගම සතු දීර්ඝ කාලීන සහයෝගීතාව මගින් මෙරටට ස්විස් සංචාරකයින් ගෙන්වීමට ද සමාගම දායක වේ.

බවර් සමාගම සතු ක්‍රමෝපායික දැක්ම සහ, ආචාර ධර්ම හා පරිපාලන අංශය තුළ සමාගම දක්වන දැඩි ස්ථාවරත්වය පිළිබඳව සහතිකයක් ද ලබාදෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය බවර් සමාගම සිය ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ද තෝරාගෙන තිබේ. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකය තුළ දූෂණය අවම කිරීම වෙනුවෙන් බවර් සමාගමේ දායකත්වය ලබාගැනේ. මීට අමතරව තිරසර සංවර්ධන ඉලක්ක 17 සාධනය කිරීම වෙනුවෙන් ද බවර් සමාගම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි.

සිය සමාජ යටිතල පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ පාසල්වලට ගෘහ භාණ්ඩ සැපයීමට ක්‍රියාකරන බවර් සමාගම මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පාසල් 380කට වැඩි සංඛ්‍යාවකට මෙන්ම ආගමික ස්ථාන 280කට වැඩි ප්‍රමාණයකට එසේ ආධාර ලබාදී ඇත. ශ්‍රවණාබාධිත පාසල වෙනුවෙන් ද සමාගම ප්‍රධාන දායකත්වයක් උසුළයි. තව ද, අවවරප්‍රසාදිත පුද්ගලයින් තෝරාගෙන ඔවුන්ට සය මාසික ආධුනිකත්ව පුහුණුවක් ලබාදෙමින් පූර්ණ කාලීන රැකියා අවස්ථා පිරිනැමීමට ද සමාගම කටයුතු කරයි.

බවර් යනු ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී මෙහෙයක් සිදුකරන ආයතනික පුරවැසියෙකි. විදෙස් නිපැයුම් මෙන්ම දැනුම ද මෙරටට සමීප කරවමින්, යහපත් කාලයේදී මෙන්ම දුෂ්කර කාලවලදීත් රටට අවශ්‍ය දෑ නිවැරදිව හඳුනාගනිමින් රටට තම සේවය ලබාදෙන වටිනා ආයතනයකි. ඇල්ෆ්‍රඩ් බවර් මහතාගේ පටන් වසර 125ක සාඩම්බර උරුමයක් සමඟ ඉදිරියට යන සමාගම අනාගතයේදීත් අඛණ්ඩව රටට ප්‍රතිලාභ ගෙනෙනු ඇත.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan