දීර්ඝ බැංකු නිවාඩුව ගැන මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Date:

රජය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපරාසයක් අවශ්‍ය වන අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමටත් යම් කාලයක් අවශ්‍ය බවත් මහබැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේය.

දේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවත් පොලීවලට බලපෑමක් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

අදාළ දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනුවලට කිසිදු බාධාවක් නොමැති අතර සතිඅන්තයේ ගනුදෙනු කරන බැංකු ශාඛාවන් ද වෙනදා ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...