ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩුවෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ , අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරන බවයි .

යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ  ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු කාණ්ඩ 60ක අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙමඟින් සංශෝධනය කර ඇත .

නමුත් , පසුගිය සමයේ සිදුවූ ඖෂධ මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාවට සහනයක් ලබා දීමට නම් අදාළ ඖෂධ වල මිල ගණන් තවදුරටත් අඩුවිය යුතු බවයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ,

එම මිල ගණන් සංශෝධනය කළ ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...