ඕස්ට්‍රේලියාවේ නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් මිනිසෙකු ලෙස ගෙදර ගෙන යයි

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වසර 14ක නීතිමය සටනක් නිමා කරමින් නිදහස් මිනිසෙකු ලෙස ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණ තිබේ.

වසර ගණනාවක් තිස්සේ අධිකරණයේ ගැටගැසී තිබූ මෙම නඩුව විසඳීමට ඕස්ට්‍රේලියානු රජය දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයට බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අසන්ජේට ඕස්ට්‍රේලියාවට ආපසු යාමට ඉඩ සලසන ගනුදෙනුවක් යටතේ, එක්සත් ජනපද ඔත්තු බැලීමේ නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අසාන්ජ් මහතා වරද පිළිගැනීමත් සමඟ ඔහු මෙලෙස නිදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ(26)දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සඳහන් කර තිබුණේ, ‘ අසන්ජේ සිය නිවසට පැමිණීම සම්බන්ධයෙන් තමා අවංකවම සතුටු වන බවත්, මෙම ප්‍රතිඵලය ප්‍රවේශම් සහගත, ඉවසිලිවන්ත සහ අධිෂ්ඨානශීලී කාර්යයේ ප්‍රතිඵලයක් වන බවත්, තමා ලෝකය පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් පෙනී සිටීම මෙය වන බවත්ය.’

2010 වසරේදී විකිලික්ස් විසින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට අදාළ එක්සත් ජනපද මිලිටරි ලේඛන සිය දහස් ගණනක් නිකුත් කරන ලද අතර එය එක්සත් ජනපද හමුදා ඉතිහාසයේ එවැනි ආකාරයේ විශාලතම ආරක්ෂක කඩකිරීමයි. ඒ අනුව, එක්සත් ජනපද ඔත්තු බැලීමේ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා 17 ක් සහ අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධ චෝදනාවකට චෝදනා ලැබ වසර 175 ක උපරිම සිර දඬුවම් ලැබීමට නියමිත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...