*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

තරු වලට පායන්න තැනක් නැති රටක්

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 27, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව වැනි රටකට තවමත් හිමිව ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකක් පමණි.ඒ දෙකම මලල ක්‍රීඩාවෙන්ය.බොහෝ විට ශ්‍රී ලංකාව ඔලිම්පික් වරම් ලබන්නේ ද ඉස්සරනම් වයිල්ඩ් කාඩ් ක්‍රමයටය.එසේ වූ විට එම දක්ෂතා තිබෙන්නේ ලෝක මට්ටමේ ඇගයීම් ලබන දක්ෂතාවලට බොහෝ පසුපසින්ය.දැන්නම් සුදුසුකම් ලැබෙන්නේ එම ආකාරයටම යුනිවර්සිටි ප්ලේසස් නම් වරප්‍රසාදිත නමට යටත්වය.එසේ නොවී ඔලිම්පික් යන්නට පුළුවන් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය නොවන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සරල උදාහරණ කිහිපයක් අපි පසුගිය කාලයේ දුටුවෙමු.
පළමු අවස්ථාව වාර්තා වුණේ මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම බහමාස් යැවීම අතපසු කිරීමෙන්ය.ඉනික්බිති ඩුබායි හී පැවති තරගාවලියකට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමක් පැය ගණනක් සම්බන්ධීකරණ අවුලක් නිසා ලොබියේ සිටිය බව අප වාර්තා කළේ එ’රටින් ලැබුණු තොරුතුරු මතය.එහි ගිය කිසිවෙක් මෙරට සිටින ඉහළ නිලධාරීන් සතුව ඇති බලය නිසා එම තත්ත්වය විමසා හෝ කියන්නට ඉදිරිපත් වුණේ නැත.


අප ජාතික සූරතාවලිය වර්ෂාව මැද හෝ සංවිධානය කරමින් අවසාන රේඛිවේ සිටින ඔලිම්පික් බලාපොරොත්තුවලට දිරියක් සහ අවස්ථාවක් දෙන්නට උථ්සාහ කිරීම ගැන අපි ප්‍රශංසාවෙන් යුතුව කතා කළෙමු.එහෙත් එහි සිඳුවන ඇතැම් සිඳුවීම් අපට දනවන්නේ, එසේ කරන බවක් පෙන්වීම මිස ඔලිම්පික් යැවීමෙන් ආඩම්බරයක් ඇති කර ගැනීමේ හැඟීමක් නැති බවය.අප ඊයේ වාර්තා කළේ නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්ව කරන අවස්ථාවේ දී පිටියේ තත්ත්වය මෙන්ම ඇය අවට බල්ලෙකුද ආධාරය සඳහා මෙන් පැමිණ ගැවසීම ගැනය.ඒවා මොනවා තිබුණත් ක්‍රීඩා කරන්නට ඒවා බාධාවක් නැත යනුවෙන් පැවසිය හැකිය.ඒත් මානසික ඒකාග්‍රතාවයට බලපාන කිසිඳු දෙයක් කරන්නට දියුණු ක්‍රීඩා තරග නැරඹීමට එන ප්‍රේක්ෂකයා ද දැනුවත් උගත් බව ලෝකය දෙස බලද්දී අපි පිළිගත යුතු වන්නෙමු.


එහෙත් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් යන්නට බලාපොරොත්තුවෙන් හෙල්ල වීසි කරන ක්‍රීඩිකාව ඉසව්ව කරද්දී ඒ අසළ බල්ලෙක්ට ගැවසෙන සේ පිටිය අනාරක්ෂිතව තබන සංවිධානයක් මෙරට මලල ක්‍රීඩාවේ පරිපාලනය ලෙස හැඳින්වීම ක්‍රීඩාව නදීශා වටේ කැරකෙන සතාගේ තත්ත්වයට වැටුණු තත්ත්වයක් පෙන්නුම් කරන්නේය.


මේ මොහොතේ තරු ගුණය අඩු නැතුව පිහිටි 19 හැවිරිදි තරුශි කරුණාරත්නගේ ඉසව්ව පවතින මොහොතය.මීටර් 800 ධාවනය සිඳුවන්නේම ඇතුළත ධාවන පථයේ ය.මේ ඉහත ඡායාරූපයේ ඇත්තේ එහි ඇතුළත ධාවන පථයේ තත්ත්වය ය.ඔලිම්පික් නියෝජනය කරන්නට මෙරටින් මේ වන විටත් සුදුසුකම් ලබන්නන්ගේ ලැයිස්තුවේ සිටින තරුශි ධාවනයේ යෙදෙන ඉසව්වට මේ වතුර ගොඩ ඉවත් කර දෙන්නට කිසිවෙක් නැත.


පරිපාලනයට ඒ ගැන වගේ වගක් නැත.ධාවන මාර්ගය සුපිරික්ෂා කරන අයට සහ තාක්ෂණ නිලධාරීන්ට ද මෙවැනි තත්ත්වයක දිවීමෙන් ක්‍රීඩිකාවට අවැඩක් වෙන බව කියා පිටිය ඒ සඳහා සුදුසු ආකාරයට සකසන ලෙස ඉල්ලා සිටීමට ඉදිරිපත් වන්නේ ද නැත.අප ඇෆ්ගනිස්තානයට ක්‍රීඩා කරන්න තණතීරු නැතුව ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතා දක්වන බව කියමින් අමු බොරුවක් ඇඳ බාමින් ශ්‍රී ලංකාව පහතින් තබා සතුටු වන්නට මහන්සි වන්නෙමු.මෙය ද ශ්‍රී ලංකාව ගැන හැඟීමක් නැතුව අපි කියන විදිහට දුවපල්ලා උඹලා ඔලිම්පික් දිව්වත්,දිනුවත් අපිට පහළින් අපිට ඕනි හැටියට හැසිරෙන්න ඕනෑ බව කීමක් බඳුය.


තරු පායන්න සුදුසු අහසක් තිබිය යුතුය.ඒවා පොළවේ පායන්නේ නැත.ඒ නිසා තරුවකට පායන්න සුදුසු අහසක් වැනි පොළවක් මේ පොළවේ හැදෙනකම් තරුශිලාට තරු වෙන්නට අපහසුය.විනාඩි 2.04.22 යනු ඒ මොහොතේ ස්වභාවයට අනුව හොඳ කාලයකි.ඒත් ධාවන පථය තිබුණු මට්ටමට වඩා යහපත් ලෙස සකස් කළේනම් ප්‍රතිපලය ඊට වඩා උසය.එම කාලය විනාඩි 03:03.03 දක්වා අඩු කර ගත් බව සිතමු.එවිට තරුශිට 39 වැනි වඩා සුරක්ෂිත තැනක් නිර්මාණය වන්නේය.


ධාවන පථය කෙතරම් ඔලිම්පික් සුදුසුකම් ලබන්නට දුවන ධාවනයකට උචිත ද සහ එය ඒ සඳහා සකස් කළේ නැත්තේ ඇයි ද යන්න සිලෝන් ඇත්ලටික්ස්වලින් උපුටා ගත් පහළ වීඩියෝව බලන ඔබට නොසිතෙන්නේ ද?
https://bit.ly/4bqthLU

සමහර හැඟීම් උස් අසුනුවලින් පහළට බහින්නට බල කරන්න්නේය.
අපි මේ වතුර ටික අයින් කරමු.කිරීමට අවශ්‍යය නැත.


පෙනී සිටියේනම් සියල්ලන්ම එයට ඉදිරිපත් වන්නේය.එවැනි නායකයන් කිසිම තැනක නැති රටක තරුශිලා තරු ගුණය ඇති බිම්මල් වීම රටේම අවාසනාවය.එහෙත් දැන් තරුවලට පායන්න තැන් ලෝකයේ විවෘතය.දක්ෂතා අයිති නූතණ සමාජයේ ලෝකයට මිස රටකට නොවේය.පෙන්නන්නවත් දක්ෂයෙක් නැති වූ විට අසුන් අස්ථාවර බව දැනෙන තෙක් ඒවා තුළ ස්ථාවරව ඉඳගෙන ක්‍රීඩාවට අවශ්‍යය විදිහට තමන් හැසිරෙන එක වෙනුවට ක්‍රීඩාව තමන්ට අනුව හසුරුවන්න යාම සුව කළ නොහැකි ලෙඩක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan