රාජිත සේනාරත්නත් අත්අඩංගුවට ??

Date:

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අද (27) දිනයේ අත් අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමක් සමග එක්ව ක්‍රියාත්මක කිරීමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවීම තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් උපාලි ලියනගේ අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග නියම කළාය.

එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

එහිදී මෙම නඩුවට අදාළව තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිතදැයි මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවකට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...