කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර කොළඹ එස්එස්සී පිටියේ පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ආධිපත්‍යය තරගයේ තුන්වන දිනය වන විටත් පන්දු යවන්නන් සතු වී ඇති බව දකින්නට ලැබෙනවා.අද දිනය පුරා කඩුලු 14 ක් දෙපිළට අහිමි වූ මෙම තණතීරුවේ පීඩනයට එරෙහිව ප්‍රති පීඩනය සහ ආක්‍රමණයට එරෙහිව ප්‍රති ආක්‍රමණය යන සිද්ධාන්තය පදනම් කර ගනිමින් ක්‍රීඩා කළ කුසල් මෙණ්ඩිස් ප්‍රවේගකාරී ආකාරයෙන් රැස් කළ ලකුණු 84 නිසා මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉණිමක ජයග්‍රහණයක් පෙණෙන දුරයි.


කුසල් රැස් කළ වේගවත් ලකුණු 84 නිසා ශ්‍රී ලංකා ඉණිම ලකුණු 458 දක්වා ගමන් කළ අතර ඒ අනුව පළමු ඉණිමේ ලකුණු 211 ක වාසියක් ලබා ගන්නටත් ශ්‍රී ලංකාවට හැකි වුණා.ඒ වාසියේ උපරිම පළ නෙලා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංගලාදේශයට වඩා ඉණිමකින් සහ ලකුණු 96 න් ඉදිරියෙන් සිටියදී තෙවන දිනයට තරගය නිමා කරන විට බංගලාදේශ පිළේ කඩුලු 6 ක් ලකුණු 115 ට දවා ගන්නට සමත් වුණා.


ලකුණු 84 ක් ලබා සිටියදී කඩුලු 8 ක් අහිමිව පිතිකරණ බර සම්පූර්ණයෙන් තම දෙඋර මත තබාගෙන ක්‍රීඩා කරන්නට සිඳු වූ කුසල් මෙණ්ඩිස් ලකුණු 2 ක් කරා දිව යන්නට දැරූ උත්සාහයේදී දැවී ගිය අතර එහිදී ඔහු යම් ආබාධයකට ලක් විම නිසා පන්දු රැකීමට පැමිණ තිබුණෙත් නැහැ.මේ තත්ත්වය ඇති වෙද්දී ශ්‍රී ලංකා තේරීම් කමිටුව බංගලාදේශයට එරෙහි එක්දින සංචිතය නම් කරද්දී කුසල් මෙණ්ඩිස් ගේ නම ඇතුළත් කර තිබෙනවා.ශාරිරික යෝග්‍යතාවය සළකා තෝරා ගැනීම සඳහා මිලාන් රත්නායක ද නම් කර තිබෙන තේරීම් කමිටුව කුසල් ගේ ආබාධය ද යම් තරමකට දරුණු වුවහොත් තේරීම් සම්බන්ධ ගැටළුවකට මුහුණ දෙනවා.
බංගලාදේශ පිතිකරුවන් සපුරා අපහසුවට ලක් කළ මෙම තරගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ එකට එක්ව ප්‍රතිවාදීන් මර්ධනය කර සූදානම් වීම නිසා,ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් විශේෂයෙන් කැපී පෙණෙන තත්ත්වයක් උදා වුණේ නැහැ.එහෙත් සියලුම පන්දු යවන්නන් මේ වන විට ඇති කරගෙන තිබෙන විශ්වාසය නිසා ශ්‍රී එකා මෙන් සූදානම්ව සිටින බවත් පෙණෙන්නට තිබෙන නිසා ප්‍රතිවාදීන්ට පහසු නැහැ.
ලකුණු විස්තරය . https://bit.ly/3TubE7H

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...