දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් අද (27) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයා අලූතින් පත්වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක්කර තිබුණු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනරජය තුළ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස පළකරනු ලැබීය.

ඉදිරියේදී ශ්‍රී ලංකා ආණ්ඩුව දකුණු අප්‍රිකාව සමග ආර්ථික, දේශපාලන හා රාජ්‍යතාන්ත‍්‍රික සමීප සබඳතා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙම හමුවේදී එකඟ විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí මහතා, ඇතුළු පිරිසක් සහභාගි විය. ජාතික ජන බලවේගය වෙනුවෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන අය සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...